masscom

Sunday, June 30, 2019

පරිසරය දූෂණය නිසා ඇති වන සෞඛ්‍ය ගැටලු








ස්වභාවික පරිසරයේ අංගයකට අහිතකර බලපෑමක් එල්ලවන ආකාරයට පාරිසරික තුලිතතාවය බිඳ වැටීම පරිසර දුෂණය නම් වේ. අන් අයුරකින් කිවහොත් පරිසරයේ වෙසෙන ජීවින්ට හා පුද්ගලයන්ට හානිදායක ප‍්‍රමාණ වලින් හා හානිදායක විය හැකි කාල පරාසයක් තුළ ද්‍රව්‍ය හා ශක්තිය පරිසරයට නිදහස් කිරීමයි මේ ආකාරයට වෙම්න් පරිසර දුෂණය විවිධ පැතිකඩයක්  ඕසේ සිදුවන බවක් කිව හැකිය. 

  වායුගෝලීය දුෂණය
අප අවට ඇති හිස් අවකාශය වායුගෝලයයි මෙහි විවිධ වායු වර්ග ඇත තවද මෙම වායුගෝලය තුළ විවිධ චක‍්‍ර වර්ග අඩංගු වේ ඒවා නම් ඔක්සිජන් චක‍්‍රය කාබන්ඩයෝක්සයිඞ් චක‍්‍රය ජල චක‍්‍රය වශයෙන් වේ මේවා ස්වභාවික චක‍්‍ර ලෙස කි‍්‍රයා කරයි මේවාට අනුකූල නොවන ආකාරයට වායුගෝලයේ කොටස් නිදහස් කිරීම මෙන් ම වෙනත් ඝණ අංශු වර්ග වායු ගෝලයට නිදහස් කිරීම සිදුවෙයි මෙමගින් වායුගෝලයේ තුල්‍යතානව බිඳ වැටේx මෙය වායුගෝලය දුෂණය නම් වේ
වායු දුෂක සහ ඒවායේ ප‍්‍රජාව ගැන බැලූවහොත්
කර්මාන්ත ලෝහ වර්ග දුම් වර්ග හයිඩ්‍රොකාබන් වර්ග
කෘෂිකර්මාන්තය පලිබෝධනාශක
වනාන්තර ගිනි තැබීම
ස්වභාවික හේතුන්
වනාන්කර ලැවිගිනි
සුළග
වගුරු බිම්වල ක්ෂුද්‍රජීවී කි‍්‍රයාකාරීත්වය
ගෘහස්ථ කි‍්‍රයාකාරීක්වය
පොසිල ඉන්ධන දහනය
දර දහනය
කැලිකසල දහනය
 වායුගෝලය දුෂණය වන ආකාරය අනුව කොටස් ගණනාවක් යටතේ සිදුවන බවක් කිව හැකිය.එහිදී මෝටර් වාහන වලින් පිටවන දුම් නිසා වාතය අපවිත‍්‍රවීම තර්ජනය කර්මාන්ත ශාලා වලින් පිටවන අපද්‍රව්‍ය හා වායුන් නිසා වාතය අපවිත‍්‍රවීම කුණුරොඩු ඉවත් නොකිරීම නිසා වාතය අපවිත‍්‍ර වීම සෞඛ්‍ය ආරක්ෂාක ක‍්‍රමයෙන්හි දුර්වලතා නිසා ඇති වන වාතය අපවිත‍්‍ර වීම ජන සංඛ්‍යාව අධික වීම හා තදබදය නිසා ඇතිවන අපවිත‍්‍ර වීම් යනාදිය පෙන්වා දිය හැකිය.
වායුගෝලය දුෂණයෙන් ඇතිවන අහිතකර බලපෑම්
හුස්ම ගැනීමේ අපහසුතා
ඇස් දැවිල්ල ඇතිවීම
ශ්වසන මාර්ගය හා රුධිරය ආශි‍්‍රත රෝග
මන්ද බුද්ධික දරුවන් බිහිවීම
ස්නායු ආබාධ ඇතිවීම
බෙලහීනතා තත්ව
පිළිකා තත්ව
  ජල දුෂණය
පරිසරය තුළ ජලයේ පැවතීම විවිධාකාර වේ මතුපිට ජලය භූගත ජලය ජල වාෂ්ප හා මිදුනු ජලය ලෙස පවතියිx.මීට අමතර ව ජලය කරදිය මිරිදිය කිවුල් දිය වශයෙන් තුන් ආකාරයට බෙදා දැක්විය හැකිය මෙහි දැක්වෙන ජලය ආකාර තුනෙන් එකක හෝ සංයුතියෙහි සිදුවන වෙනස්කම් ජල දුෂණය ලෙස හදුන්වයි. ජලය දුෂණය වු විට එය හදුනා හැකියාවක් පවතී ජලයේ අනවශ්‍ය රසායනික කොටස් අඩංගු වීම මෙහිදී දැකගත හැකිය. එසේම ක්රෝමියම් තෙල් හා ගී‍්‍රස් රසදිය ජලයට මුුසු වීම ජලයේ වර්ණය වෙනස් වීම ගන්ධයක් ඇතිවීම රසය වෙනස් වීම යනාදියෙන් හදුනාගත හැකිය එසේම ජලය දුෂණය වීමට බෝහෝ හේතූන් පවතී. ඒවායේ ප‍්‍රතිඵල වශයෙන්
කර්මාන්තශාලා වලින් පිට කරන අපද්‍රව්‍ය ජල මාර්ග වලට යොමුකිරීම.
කාබනික අපද්‍රව්‍ය ජලයට එකතු කිරීම.
සුපෝෂණය ඇතිවීම නිසා ජලශ දුෂණය වීම.
කෘෂිරසායනික ද්‍රව්‍ය වගාබිම් හරහා ජලයට එකතුවීම.
තෙත් බිම් වල කුණුකසල පිරවීම නිසා වන ජල දුෂණය
පොලිතින් ආදී දිරා නොයන අපද්‍රව්‍ය ජලයට එකතුවීම නිසා වන දුෂණය
හදිසි අනතුරු නිසා වන ජල දුෂණය
රෝගකාරක විෂබීජ එකතුවීම වන ජල දුෂණය
කදු හා උස් බිම් සෝදා පාලූව නිසා ජලයේ බොරතාවය ඉහළ යාම

යන ආදිය පෙන්වාදිය හැකි අතරම විටක කර්මාන්තශාලා කෘෂිකර්ම කටයුතු ගෘහස්ථ මෙන්ම ස්වභාවික වශයෙන් ජලයට විවිධ අපද්‍රව්‍යයන් ඇතුලූ වේ එහිදී කර්මාන්ත ශාලා වලින් පිටවන විෂරසායනික ද්‍රව්‍ය බැරලෝහ උණු ජලය ඛනිජ තෙල් ආදිය ජලයට එකතුවීම තුලින් ජලජ ජීවීන්ට විෂ සහිත වේ බැර ලෝහ වර්ග ආහාර දාම  ඕසේ ජෛව සාන්ද්‍රණයකට ලක් වේ. එමගින් ඉහළ පෝෂීමට්ටම් වල ජීවීන්ට හානි කරයි. එසේම උණු ජලය ජලයට එකතුවීම තුළින් ජලාශයේ උෂ්ණත්වය වැඩි කර ජලජ ජීවීන්ට අහිතකර වී ඔවුන් මිය යයි. ජලය වාෂ්පීභවනය ද වැඩි වන අතරම සුපෝෂකරණය ද ඇති වීමට ද මෙය හේතු කාරණා වේ. ඛණිජ තෙල් මගින්ද ජලය දුෂණය වේ එහිදී ජලයට අහිතකරව එකතු වන ඛණිජ තෙල් මගින්ද ජල දුෂණය වේ ජලාශවල ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වේ මෙයින් ජලජ ජීවීන්ට ද හානි පමුණුවයි එසේම විකිරණ ශීලී ද්‍රව්‍ය මගින් ද ස්වභාවික ප‍්‍රභව වලින්ද න්‍යෂ්ටික අව් ආයුධ භාවිතයේ දී ජාලාශ වලට විකිරණශීලී ද්‍රව්‍ය එකතු වේ පිළිකා ලියුකේමියා වැනි තත්වයන් ඇති වීමට මෙය හේතුවක් වේ.

තවද කෘෂි කාර්මික කටයුතු වලදී ලබා ගන්නා පලිබෝධ නාශක ජලයට එකතු වීම මෙන්ම ගෘහස්ථ මළ ද්‍රව්‍ය හා ක්ෂාලක මෙන්ම රෝන් මඩ අවලම්භිත ද්‍රව්‍ය නිසාවෙන් ජලාශයෙන් වල බොරතාවයක් ඇති වන අතර ජලාශයෙන් ආලෝකය විනිවිද යාම අඩුයx එවිට ජලයේ ද2 සාන්ද්‍රණයන්ද ඇත.එනම් කොළරාව උණ වැනි රෝග ඇති වේ එසේම කාබනික ද්‍රව්‍ය ද ජලයේ දිය වීම තුළින් ද මෙම තත්වයන් ඇතිවේ.

  කාර්මික දුෂණය

දුෂණ සංසිද්ධිය නුතන කාර්මික ශිෂ්ඨාචාරයේ වර්ධනයේත් එහි පැවැත්මේත් අතුරු ඵලයකිx එය පෘථිවිය හා මානව පැවැත්ම කෙරෙහි බලවත් තර්ජනයක්ව පවතී දුෂණය ආරම්භ වී තහවුරු වු පසු එය වැලැක්විමටත් පාලනය කිරිමටත් ඉතා පහසු වෙයි. කර්මාන්ත වලට පදනම වී ඇති ආර්ථික ආකල්පය වැඩි ලාභ ලැබීම පමණක් හෙයින් කාර්මික දුෂණය පාලනය කිරිම අපහසු වී තිබේ. ශි‍්‍ර ලංකාවේ ප‍්‍රාථමික දුෂණ කාරකවල මුළු ප‍්‍රමාණය තවම තක්සේරු කොට නැතx යෝධ කාර්මික කරණයක් මත පදනම් වු කර්මාන්තශාලා හෝ කාර්මික ප‍්‍රාන්තයන් තවම පැහැදිලිව දක්නට නැති නිසා සීමාව ඉක්මවා විෂ වායුන් හෝ ද්‍රව්‍ය සංකේන්ද්‍රනයක් ලංකාවේ සිදුවේ යැයි යැයි කීම අපහසුය කිව හැක්කේ අනුමාන වශයෙන් පමණකි. දුෂණයක් වී ඇත්දැයි සොයා බැලීමට වායුගෝලය පරීක්ෂා කිරීම කාලෝචිතය වාලච්වෙනයි කඩදාසි කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය මාදුරු ඔයට ගලා එයි එහිලා පාසුකුඩා මුහුදේ ඉස්සන් පොකිරිස්සන් වැනි ජලජ ජීවීන් විනාශ වේ. එසේම ලංකාවේ බතික් හා වෙනත් රෙදිපිලි කර්මාන්ත ඉවතලන ද්‍රව්‍ය විෂ වායුන් බිහි කරයි.වැල්ලවත්ත ඇළ පිළිබඳ කර පරික්ෂණ මීට නිදසුනකි.එසේම කොළඹ නගර සභාව විසින් පිළියම් නොකළ කැළිකසල ඇළට හෙළීම නිසාත් ඇළ ප‍්‍රසිද්ධ වැසිකිළියක් ලෙස භාවිතා කිරීම නිසාත් වැල්ලවත්ත දුෂණය වී ඇති බවක් සදහන්ය බතික් කර්මාන්ත වල අපද්‍රව්‍ය වලින් ඇතිවන විෂ වර්ණ වලින් මුත‍්‍රශයේ පිළිකා ඇතිවන බව සොයා ගෙන ඇත.රස පානයක් හෙවත් පැනි බීම වල මෙටනිල් යෙලෝ විෂ ද්‍රව්‍යය අන්තර්ගත වී ඇතxඑසේම චගඩගජ නුතන සමාජයේ සෑම අංශයකටම විසිරී පවත්නා රසායනික ද්‍රව්‍යකි තැටි පයිප්ප පරිවහන උපකරණ බිම් ඇතිරිලි භාවිතා වේ
  ශබ්ද දුෂණය
සමාන්‍ය පරිසරයේ ඇතිවන ශබ්දයන් නිසා ජීවීන්ට ඇතිනොකරයි නමුත් මිනිසා මැදිහත් වීමෙන් මිනිසා විසින් ඇති කරන ශබ්ද විකාශන මැදිහත් වීමෙන් මිනිසා විසින් ඇති කරන  ශබ්ද දරා ගැනීමට අපහසුතාවක් ඇති වේ මෙය  ශබ්ද දුෂණය ලෙස හැදින්වේ ශබ්ද දුෂණය ඇති වීමට හේතු වන්නේ කර්මාන්ත ශාලා කි‍්‍රයාකාරීත්වය වාහන අධික වීම ශබ්ද විකාශණ යන්ත‍්‍ර භාවිතය තුළින් පරිසර දුෂණ තත්වයන් ඇති වේ වනාන්තර මෙන්ම සතුන්ට වන හානිද එසේම ආශි‍්‍රත ප‍්‍රදේශ ජනවාස බවට පත් කිරීම නිසා වනාන්තර ප‍්‍රතිශතය අඩු වී යයිx තවද කෘෂි කාර්මික බිම් වීම කර්මාන්ත හා සංවර්ධන ව්‍යාපෘති උදෙසා ඉඩකඩ අවශ්‍ය වීම නිසාද වනාන්තර අහිමි වේ එසේම වනාන්තර විකාශය විසා වන පරිසර හානි පිළිබදව සලකා බැලීමේදී කාලගුණය වෙනස් වීම මෙන්ම ජෛව විවිධත්වය විකාශ වීමක් ද සිදුවේ.


ගංවතුර

ගංවතුර ස්වභාවික විපතකි අධික වර්ෂාව නිසා නොගැඹුරු ගංගා වලට දැරිය නොහැකි ලෙස විශාල ජල ප‍්‍රමාණයක් හදිස්සියේම ගලාගෙන යාම ගංවතුර ලෙස හැදින්වේ ගංවතුර ඇතිවීමට පහත සාධක බලපායි
දිගු කාලීනව ගංගා පතුලේ රොන්මඩ තැන්පත් වීම
වනාන්තර හෙළි කිරීම
දිගු කාලීනව මිනිසා විසින් පරිසරයට කරන බලපෑම
නිතර නිතර ගංවතුරට මුහුණ දෙන රත්නපුර ජනතාවට 2003 වසර කිසිසේත් අමතක වන වසරක් නොවේ එයින් විශාල ජීවිත ගණනාවක් විනාශ වු අතර සිදු වු දේපල හානිද සැලකිය යුතු තරම් වේ රත්නපුරය නිතර නිතර ගංවතුර තර්ජනය උදාවියx එමෙන්ම බොහෝ පහත් ප‍්‍රදේශ ගණනාවක් ම මෙම තරිජනයට ලක්විය මෙලෙස ශි‍්‍ර ලංකාවට බලපාන ගංවතුර ප‍්‍රධාන ආකාර තුනක් මෙරට ආපදා කළමණාකරන විශේෂඥයන් විසින් හදුනාගෙන ඇත වර්ෂාජලය සීඝ‍්‍රයෙන් වැඩි වී පිටාර ගැලීම නිසා ඇතිවන ගංවතුර නිශ්චිත කාලයන් තුළදී ගංගාවල ජල මට්ටම වැඩිවීම නිසා ඇතිවන ගංවතුර හදිසි කුණාටු නිසා ඇති වන ගංවතුර යනාදී වශයෙනි වාරිමාර්ග දෙපාර්ථමේන්තුව අඩි 5ත් 8ත් අතර තත්වයන් මහා ගංවතුර තත්වයන් සුළු ගංවතුර තත්වයකි අඩි 8ත් 11ත් අතර තත්වයන් මහා ගංවතුරක් ලෙස සලකයි අඩි 11 ඉක්මවන ගංවතුර තත්වයන් විපත්ති දායක තත්වයකිx මේ වසරේ (2017* ඇති වු දරුණු ගංවතුර තත්වයක් නිසා මිනිස් ජීවිත රැුසක් පොළවට මිහිදන් විය මෑත කාලීනව ඇති වු දරුණුම තත්වයක් බව කිව හැකිය

නාය යෑම්
සෑම වැසි කාලයකදීම මාධ්‍ය ඔස්සේ අනතුරු ඇගවෙන ප‍්‍රධානතම ආපදා වර්ග ආපදාවර්ගය නායයෑම්ය භූමිකම්පා තරම් නොවුණත් මෙරට ජන සමාජය කම්පනයට ලක් කිරීම තරම් නාය යෑම ප‍්‍රබලය දැඩි වර්ෂාපතනය භූවිද්‍යාත්මක ලක්ෂණ මෙන්ම අනිසි ඉඩම් පරිහරණය නාය යෑම් වලට මාර්ගය විවර කර ඇති බවයිx සෙයින් නායයෑම් වලට ඉඩකඩ විවිර කර ඇති බවයි නායයාම් අවදානම සහිත ප‍්‍රදේශ මාර්ග ඉදිකරම් වගාකටයුතු වෙනත් සංවර්ධන කටයුතු සදහා ඉඩම් එළිපෙහෙළි කිරීම නිසි ජල වහන රටාවකින් තොරව බැවුම් ප‍්‍රදේශ විවිධ කටයුතු සදහා භාවිතා කිරීම නාය යාම් සදහා බලපායි
සුනාමි
සුනාමි යනු වරාය තරංග මාලා හදුන්වන ජපන් නමකි එය මුහුදුපත්ල භූමිකම්පාවක් හෝ ගිනිකදු පුපුරා යාමක් නිසා මතුවන දැවැන්ත සාගර දියරැුලි මාලාවක ප‍්‍රතිඵලයක් පොකුණක් මැදට ගලක් දැමු විට විහිදයන තරංගමාලාවන් එම භූමිකම්පාව හෝ පුපුරා යාම සිදුවු තැන මුහුදේ විහිද වන දියරැුළි මාලා පැයට සැතපුම් 500 පමණ වේගයෙන් දිවයින අතර  ආරම්භයේ දී ඒවායේ උස අඩි කිහිපයක් පමණයි එහෙත් වෙරළ තීරයට ලංවන විට ඒවා අඩි 100 පමණ උසට දිස් වෙනවා දියරැුළි මාලාවක් සාගරය හැම අතටම විහිදී යනවා 2004 දෙසැම්බර් 26 සුනාමිය ඉන්දුනිසියානු වෙරලට ආසන්න මුහුදේ පැවති රිච්ටර් 9 ප‍්‍රමාණයේ භූමිකම්පාවක ප‍්‍රතිඵලයකි එහි දිය රැුළි ජෙට් අහස් යානයක වේගයෙන් ඉන්දීය සාගරයේ හැම අතටම ගලාගියා මහද්වීප දෙකක රටවල් 12 ක් සුනාමියෙන් විපතට පත් වුණා අඩු වශයෙන් 216858 දෙනෙකු එයින් මිය ගිය හෝ අස්ථාන ගත වු බවට වර්තා වී තිබේx සුනාමි විපත නැවතත ඇතිවීම වැළැකවීම සදහා අනතුරු ඇගවීමේ මධ්‍යස්ථාන දැන් පිහිටුවා තිබේx   

අරණායක නාය යෑම
අරණායක එළගපිටිය කන්දේ සිදුවුයේ ලංකාවේ මෙතෙක් ඇතිවු නාය යෑම් අතුරින් විශාලතම හිස කොටස සහිත නායයි දැනට සිදුවී ඇති නාය අතුරින් විශාලතම බද කොටස ඇති දිගම නාය ලෙස හැදින්විය හැකියx අරණායක සිදු නාය යෑම කිසිදු විශේෂ යාන්ත‍්‍රණයට සිදු නොවුවත් එහි මූලාරම්භය වුයේ නායේ හිසේ ප‍්‍රදේශය අවට ඇති වු පැලූම හෝ කුස්තුර විදාරණය වී විශාල වපසරියකින් යුතු කොටසක් මව් පාෂාණයෙන් නැතිනම් පිහිටි ගලෙන් වෙන්වී පහළට රූටා යෑමය මව් පාෂණයේ මොහොර බෑවුම ඇති පැත්ත මත ඇති පැලූම් තුළට දින කිහිපයක් තිස්සේ අධික ජල ප‍්‍රමාණයක් කාන්දු වී ඇතx එවිට පැලූම් ක‍්‍රමයෙන් ප‍්‍රසාරණය වීම හේතුවෙන් ගබඩා වු අධික විකි‍්‍රයා ශක්තිය නිසා පැලූම විදාරණය සිදු වී ඇති බව දකනට ලැබේ මේවාට හේතු වී තිබෙන්නේ අක‍්‍රමවත් ඉදිකිරීම් පෙර නිමිති නොතැකීම වැනි කාරණා නිසාවෙන් මිනිස් ජීවිත රැුසක් මරු දකින ලදී
මීතොටමුල්ලේ කුණු කන්ද

මීතොටමුල්ල ඛේදවාචිකය ලංකාවම හැඩ වු ඛේදවාචිකයක් ම වියx මිනිස් ජීවිත රැුසක් නැති විය ඉතිහාසය පුරා කොළඹ නගර සභාව පුරුදුව සිටියේ එකතු කර ගන්නා කුණු කොහේ හෝ තෝරාගත් පිටියක ගොඩගසන්නටය එක තැනක ඉඩ මදිවු  විට කුණු පිටිය ලෙස වෙනත් තැනක් තොරා ගැනුණිx අද අපට බිලූමැන්ඩල් හා සේදවත්තේ දක්නට ලැබෙන්නේ කලකට පෙර නගර සභාව ගොඩ ගැසු කුණු ගෙන යනු ලබන්නේ මීතොටමුල්ලටයx මේ වන විට එහි ඇති ගොඩ ගැසී ඇති කුණු ප‍්‍රමාණය ටොන් මිලියන ගණනාවක් වන අතර කුණු කන්ද පසුගිය දිනවල මීටර 200කටත් වඩා ඉහළට ගොඩ ගැසී අලූත් අවුරුදු දා අහිංසක මිනිස්සුන්ගේ හිස මතට කඩාවැටුණේ එසේ ගොඩගැසී තිබුණිx මෙසේ අනතුරක් නොවුණත් කුණු කන්දෙන් නිකුත්වන අපිරිසිදු වීම නිසා පළාතේ ජනතාවගෙන් 90% කටත් විවිධ ලෙඩ රෝග සෑදෙන බව ප‍්‍රකාශිතය
මේ ආකාරයට පාරිසරික ගැටලූකාරී තත්වයන් පෙන්වා දීමට හැකිය 
පරිසරික වශයෙන් විවිධ පිඩාතත්වයන් තුලින් සිදුවන්නා වු සෞඛ්‍යය ගැටලු තුලින් ප්‍රජාව ෙරා්ගවලට ගොදුරු විමේ අවදානම දිනෙන් දින වැඩි වෙමෙන් තිබේග


මෙහිදි
මානසික ගැටලු - විශාදය සාංකාව
ගෑස්ටික්
මන්දපොෂණය
ස්ථූලභාවය
තහනම් උත්තේජක භාවිතය
අධිරුධිර පීඩනය
කොලෙස්ටොරොල්
පිළිකා
ලිංගාශි‍්‍රත රෝග
ඩෙංගු බරවා උණ
මෙම රෝගකාරක මගින් ඇති වන කරන රෝගී තත්වයන් බෝවන රෝග ලෙස හැදින්වෙන්නේ එමගින් එක පුද්ගලයෙක් ගෙන් තව පුද්ගලයෙක්ට රෝගය බෝවන නිසාය බෝවන රෝග ව්‍යාප්තිය ස්පර්ශ මගින් හා වෙනත් බොහෝ ක‍්‍රමොපායන් මගින් සිදු වේ. ඒවා නම් ආසාදිත දේහ තරල , අපවිත‍්‍ර වු ආහාර , ජලය , වාතය හා ආසාද්ත රෝග වාහකයන් මගිනි.
ආසාදනය යනු ආසාදිත රෝගයට සමාන අරුත් දෙන්නක් නොවේග රෝගියාගේ දේහ කි‍්‍රයාකාරිත්වය බැරැුරුම් ලෙසට අඩපණ කරයි. බෝවන රෝග ව්‍යාප්ත වන්නේ යම්කිසි මාධ්‍යයක් හරහාය රෝග බෝවන මාධ්‍යය පිළිබදව අවබෝධයක් ලබා ගැනීම අදාල රෝගය මර්ධනය කිරීම හා රෝගය පිළිබදව අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වේග

රෝග ව්‍යාප්තිය බහුලව සිදු වන්නේ කැස්ස , කිවිසිම, සිපගැනිම , කථනය හා ඇතැම් විට ගීත ගායනා කිරීමේදි වාතය මගින් ව්‍යාප්ත වන බිදිති මගිනි. ආන්ති‍්‍රක රෝග ව්‍යාප්ත වනුයේ අපවිත‍්‍ර ආහාර හා ජලය මගිනි. ලිංගාශි‍්‍රත  රෝග ව්‍යාප්ත වනුයේ ලිංගික කි‍්‍රයාවලදී ස‍්‍රාවය වන තරලයක් මගිනි. මෙය ශි‍්‍ර ලංකාව තුල බලපැවත්වෙන ප‍්‍රධානතම සෞඛ්‍යය ගැටලූවකි.

HIV රෝගය ලංකාවේ වර්තමානයේ දැකගත හැකි රෝග කාරකයකි. HIV ආසාදනය බෝවීමක් සිදු වනු ලබන්නේ රුධිරයල ශුක‍්‍ර තරලයල යෝනි මාර්ගයේ ස‍්‍රාවයන් ශුක‍්‍රමෝචනය හෝ මව්කිරි මගිනිග ලංකාව තුල ව්‍යාප්තිය සිදු වන්නේ මැදපෙරදිග ගෘහ සේවයට ගොස් පැමිනෙන කාන්තාවන් මගින් බවක් බොහෝ විට HIV රෝගය ලංකාවට සංක‍්‍රමණය වන බව පරීක්ෂකයන්ගේ මතයයිග
අද අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මුහුණදෙන ප‍්‍රධාන ගැටලූවක් වන්නේ වකුගඩු රෝග ව්‍යාප්තියයිග මෙහි ප‍්‍රධාන කරුණ වන්නේ මෙම රෝගය සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත පැතිරීමට හේතු වන කරුණ සොයා ගැනීමට අපොහොසත් වීමයි නිවැරදි දිවි පෙවතක් යනු ක‍්‍රියාශී‍්‍රලි දිවිපෙවතක් යන්නයි සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දිනකට ගන්නා ආහාර ප‍්‍රමාණය අතර සමබරතාවක් නොවුණහොත් ශරීරය මගින් වැය නොකරණ ශක්තිය නිසා අප රෝගීන් පත්විය හැකි වේ ඒ නිසා තරබාරු බව අධිරුධිර පීඩනය දියවැඩියාව ආඝාතය වැනි රෝග ඇති විය හැකි අතරම මේ හේතු නිසා වකුගඩු වලට අහිතකර බලපෑම් ඇති විය හැකිය එබැවින් අපි ලබාගන්නා ආහාර දහනය කිරීම හරහා බර නියමිතව පවත්වාගෙන ක‍්‍රියාශීලී දිවි පෙවතක් මගින් වකුගඩු වලට ඇතිවන අවදානම අඩු කර ගත හැකියි එහිදී ඇවිදීම බයිසිකල් පැදීම ඇග වෙහෙසා වැඩ කිරීම ආදී කරුණු අපගේ දිවියේ සාමාන්‍ය වැඩ කොටසක් බවට පත් කරගත යුතුයිග දුම්පානය මගින් වකුගඩු වලට හානි සිදුවන ආකාර දෙකකි ඒ යටතේ කොලොස්ටරෝල් තැන්පත් වීම සහ රුධිරය සපයන නාළ හීන වීම නිසා වකුගඩුවලට රුධිරය සපයන නාල හීනි විය හැකියග ඊට අමතරව වකුගඩු සම්බන්ධ පිළිකා තත්වයන්ටත් දුම්පානය හේතුවිය හැකියග
දියවැඩියා රෝගීන් නිසි පරිදි ඖෂධ පානය රුධිරගත දියවැඩියා පරීක්ෂණයේ අගය 7 ට වඩා අඩු අගයක් පවත්වා ගත යුතුවේ වකුගඩුවලින් අද වන විට ලංකාව තුළ උග‍්‍ර සෞඛ්‍ය ගැටලූවක් බවට පත් වී තිබේ එහිලා බොහෝ පළාත් වල නැගෙනහිර ඌව උතුරු මැද උතුර ආදී වු පළාත් වල මෙම තත්වයට ග‍්‍රාමීය ජනයා බෝහෝ සෙයින් පීඩාවට පත් කෙරෙන්නා වු තත්වයකිග එහිලා ලංකාවේ ශුෂ්ක පළාක් මෙන්ම දුෂ්කර ජන ජීවිත මේ තත්වයට පෙළබී ඇත අපිරිසිදු ජල පානය ජල පානය මදකම මෙයට හේතු වී  තිබේ මේ පළාත් තුළ 30‍්‍ර ක පමණ ප‍්‍රමාණයක් මේ රෝගී තත්වයෙන් පෙලීම ගැටලූ සහගතයග
තහනම් උත්තේජක භාවිතය ලංකාව තුළ ඇති කරන තවත් එක් සෞඛ්‍යමය ගැටලූවකිග එහිලා තරගකරුවන් මෙය භාවිත කර තරග තහනම් ඇති වු අවස්ථා වාර්ථා වේ එසේම තාරුණ්‍යයේ රූපලාවන්‍ය ආලේපනයන් භාවිතයන් තුලින් මෙම තත්වයන් ඇති වී තිබේ
යෙදීම තුළින් මුහුණ විකෘති ගැන්වීම් කුරුලෑ බිබිලි සහ ලප කැළැල් මතු වීම දැක ගත හැකියග ඒ තුළින් තාරුණ්‍යයේ ජීවිත අකාලයේ විනාශ වීමක් වාර්තාවේග වර්තමානයේ මෙම තත්වයට බොහෝ තරුණ ජීවිත ප‍්‍රමාණයක් මුහුණ පා සිටීග අධිරුධිර පීඩන තත්වයක් ඇති වන්නේ පාරම්පරිකව හෝ අධික තරබාරුව ආදී විවිධ දේ නිසාද එහිලා බොහෝ සෙයින් හදවතට රුධිරය පොම්ප කරන නාලීකා හීනි වීම නිසා මෙම රෝගී තත්වයක් ඇති වේග ලංකාව තුල ප‍්‍රජාවගෙන් 5ග1‍්‍ර ප‍්‍රමාණයන් මේ රෝගී තත්වයෙන් පෙලේ වසරකට 450 කට අධික ප‍්‍රමාණයක් මේ තුළින් මිය යන බවක් වාර්තා වල සදහන් වේග
කාර්්‍ය බහුල ජීවිතය තුළ නිසි පරිදි නිසි වේලාවට ආහාර නොගැනීම නිසාත් අධික ලෙස මත් පැන් පානය නිසාත්  ගැස්රයිටීස් රෝගයට හසු වීමක් ද දැක ගත හැකියග

තවත් ලංකාව වර්තමානයේ මුහුණපාන ගැටලූවක් ලෙස  සාමාන්‍යයක් වශයෙන් ගත් කළ දිනකට නීතිවිරෝධී ගබ්සා කිරීම් 1000 ක්පමණ සිදු වන බවක් සදහන්යග ලංකාවේ වාර්ශික උපත් සංඛ්‍යාවට වඩා ගබ්සා කිරීම් වැඩිවී තිබෙන බවත් 2016 දී ලංකාවේ උපත් ගණන 334 821 යි මෙය 2015 හා සසදන කළ උපත් 15000 ක පමණ අඩු වීමක් බව සෞඛ්‍ය තොරතුරු හෙලිකරයිග මෙවැනි ක‍්‍රියා දරු ගැබ නිසා මවගේ ජීවිතය අනතුරකට මුහුණදෙන අවස්ථාවක් නිසා මෙය ලංකාව තුළ උපත් නිසි ලෙස පාලනයකින් තොර වීම නිසා ඇතිවන්නා වු ප‍්‍රධානතම සෞඛ්‍ය ගැටලූවකිග
                                                               


පරිසරයේ ඇති දුෂණකාරක මිනිස් ජීවිතයට අනතුරුදායක වේxපරිසර දුෂණය පිළිබද ලෝකය පුරා මහත් ආන්දෝලනයක් වී ඇත්තේ එයින් මනුෂ්‍ය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානුයේ පහත සදහන් ක‍්‍රම මගිනිx
ආශ්වාස ප‍්‍රශ්වාසයෙන් ශරීරගත වීමෙන්
සම මගින් (ස්පර්ශයෙන්* ශරීරගත වීමෙන්
අපවිත‍්‍ර දෑත් මගින්
ඇස් වලින්
වෙනත් අපවිත‍්‍ර ආහාර ගැනීමෙන්
මේ තත්වයන් තුළදී බෝහෝ විට විෂ ශරීරගත වන්නේ මුඛය සමතුලින් උරා ගැනීම හා ආශ්වාසය වන ප‍්‍රධාන කාරණා මෙයට දැක්විය හැකියx
පරිසරය වෙනස් වීමත් සමගම ඇතිවන්නා වු පාරිසරික ගැටලූ හේතුවෙන් සෞඛ්‍යය ගැටලූ රාශියක් ඇති වේ ලංකාව තුළ ජනතාවට ගෙවන මිලට සරිලන ප‍්‍රමාණයේ ප‍්‍රශක්ස්ථ මට්ටමේ සෞඛ්‍යය සේවයක් නොලැබේ එයට හේතුව යන්නේ පෞද්ගලීකරණයට යොමු වීමය එහිදී රජයේ රෝහලකින් ජනතාවට ලැබෙන්නේ අඩු සෞඛ්‍යය සේවාවකිx කෙසේ වුවත් පරිසරය තුළ සිදු වන්නා වු විවිධ ගැටලූ නිසා ජනතාව ලෙඩ රෝග වලට ගොදුරුවීමේ අවදානමක් පවතීx එසේම පෞද්ගලික සහ රාජ්‍ය වන සෞඛ්‍යය ක්ෂේත‍්‍ර තුළ ද විවිධ ගැටලූ රාශියක් දක්නට ලැබේx පළමුවෙන්ම පෞද්ගලික අංශයට ජනතාව ඇදී ඒම හදුනාගත හැකිය මෙය ප‍්‍රධාන වශයෙන් තල්ලූ කරන සාධක සහ ඇද ගැනීමේ සාධක වශයෙන් වර්ග කර හැකිය රෝහල්වල තද බදය වෘත්තියෙන් ආචාරශීලී නොවීම රෝහල් අපිරිසිදු වු වටපිටාව මේවා සෞඛ්‍යය ක්ෂේත‍්‍රයේ ගැටලූ ලෙස දැකිය හැකx මේ වසරේ ඇතිවු මහා ගංවතුර වියසනය මෙන්ම මීතොටමුල්ල කුණුකන්ද නාය යෑම නිසා ඇති වු දරුණු උණ තත්වය නිසා  විශාල ජීවිත ප‍්‍රමාණයක් දැයෙන් සමුගත්හ මෙහිදී ඇති වු විවිධාකාර ආසාදකයන් හේතුවෙන් රෝහල් වල ඉඩ ප‍්‍රමාණය මදකම නිසා වසා දැමීමේ තත්වයකට ද පත්විය
මේ සියල්ලට ම අමතරව සෞඛ්‍යය ක්ෂේත‍්‍රයේ අභියෝගයන් බෝහෝ ප‍්‍රමාණයක් පවතින අතරම එහිදී විවිධ ආසාදන මන්දපෝෂණය ඇතුලූ අතීතයේ සිට පැවත එන රෝග බාධකවලට අමතරව මෑතකදී එකතු වු ඩෙංගු උතුරුමැද වකුගඩු රෝගය දියවැඩියාව අධිරුධි පීඩනය කොලොස්ටරෝල් හෘදයාබාද මානසික ආබාධ ආසාදන පිළිකා හදිසි අනතුරු විෂ වීම් ශ්වසන ආබාධ මත්ද්‍රව්‍යය දුම්වැටි ආශි‍්‍රත සෞඛ්‍යය ක්ෂේත‍්‍ර ගැටලූ සුභලතාවය සහ මන්දපෝෂණය ඇතුලූ පෝෂණීය විෂමතා මෙන්ම අන්තර් පුද්ගල ගැටුම් විවිධ වෘත්තීන්වල නිරන්වන්තයක් මුහුණ දෙන වෘත්තීය සෞඛ්‍යය ගැටලූ හේතුවෙන් දහස් ගණන් රෝගී බවට පත් වේ වායු දුෂණය හා ජල දුෂණයේ බලපෑම නිසා සෞඛ්‍යය අභියෝග දෙස බැලීමේ දී පිරිසිදු වාතය සහ පානීය ජලය ජනතාවගේ සෞඛ්‍යය ගැටලූ වෙනුවෙන් අනිවාර්්‍යයෙන් ම සුරැුකිය යුතු ප‍්‍රතිශතයක්  දිවි ගෙවනු ලබන නාගරික ප‍්‍රදේශ ආශි‍්‍රතව ඉහත කී පරිසරය සාධක අතිශයින් ම දුරුවල මට්ටමක පවතී පාරිසරික ගැටලූ හේතුවෙන් වායු දුෂණය හා ජල දුෂණය සමගින් මිනිසුන් මිලියන ගණනාවකගේ ජීවිත විනාශ කිරීමට වග කිව යුතු ඇති අතර විශාල සෞඛ්‍යය ගැටලූ රාශියකටම අනතුරු වායු දුෂණයේ ප‍්‍රතිඵල ලෙෂ ශ්වසන ආසාදන විය හැකියග ආදී තත්ව මෙන්ම හෘදයාබාද පවා ඇති වන බව තහවුරු වී ඇතx
ජල දුෂණය දීර්ඝ කාලීනව මානව සෞඛ්‍යය ජීවිතයට බලපෑම් එල්ල කරයි මිහිතලය මත මිනිසාට පරිභෝජනය සදහා සුදුසු ජලය ඇත්තේ අල්ප වු ප‍්‍රමාණයකි එයද අපවිත‍්‍ර වෙමින් පවතී අධික රසායනික පොහොාර සහ කෘමිනාශක භාවිතය කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය  පිරියම් නොකර ජල ප‍්‍රභව වලට මුදා හැරීම ආදිය මීට බලපෑ ප‍්‍රධාන හේතූන් යx එසේම බෝ නොවන රෝගයක් ද දක්නට ලැබේ පිළිකාවන් රෝග බහුල වීමද සෞඛ්‍යය ක්ෂේත‍්‍රයේ ආශි‍්‍රතව හදුනාගත හැකි ගැටලූවක් වී හමාරය සමේ පිළිකා බහුල වීමත් මීට අමතරව පියයුරු පිළිකා පෙනහළු සහ මහන්ත‍්‍රයේ පිළිකා ආදියට පාරිසරික ගැටලූ නොමද බලපෑම් පවතින බව හෙළි වී ඇත කෘමි නාශක අධික භාවිතය සහ අවිචාරවත් ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමත් ආදිය මෙම තත්වයට බලපෑ ඇතx මේ සියල්ලම අභිබවා ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය ගැන කථා කර යුතුවම බව අප සියලූ දෙනා දන්නා කරුණකි හදිසි ආපදා තත්වයන් සමග ඩෙංගු රෝගය මෙරට ව්‍යාප්ත වීම සිදුවේ පසුගිය වසරේ ද ඩෙංගු රෝගය මේ කාලය වන විට වැඩි වීමක් පෙන්වීය මෙම හදිසි වි්‍යයසනය බලාපොරොත්තු නොවු තත්වයකි ගංවතුර තත්වයන් පහත යෑමත් සමගම එම කාලයේදී ඩෙංගු රෝගය මෙරට ව්‍යාප්ත වීම සිදු විය පසුගිය වසරේ මේ කාලය වන විට වැඩි වීමත් පෙන්වීයx මෙම හදිසි වි්‍යයසනය බලාපොරොත්තු නොවු තත්වයකි ගංවතුර ඇති විමට පෙරද ඩෙංගු රෝගයේ වසංගත තත්ත්වයක් මෙරට පැවතිණි එම නිසා ඩෙංගු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට අපේක්ෂා කර තත්වයන් වඩා දෙගුණයක් සුදානම් වීමක් සිදු විය යුතුය මී උණ වැනි රෝග ද වැළදීමේ අවදානමක් පවතී ඒවා කළමානාකරණය කර ගැනීම මේ අවස්ථාවේ දී බොහෝ වැදගත්ය රෝග වළක්වා ගැනීම සදහා ජනතාවගේත් සහය අවශ්‍ය වේ ජනතාවට අවශ්‍ය පහසුකම් මෙහිදී ගබා දීම ඉතා වැදගත්ය එසේ නොමැතිව සෞඛ්‍ය පණිවුඩ ලබා දුන්න ද ඔවුන් ඒවා පිළිපැදීමක් නොකරයි ඔවුන්ගේ මුලික අවශ්‍යතා සපුරාලීමෙන් පසුව රෝග වැලැක්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම වැදගත්ය මෙවැනි වියසනයකින් අනතුරුව මැස්සන්ගෙන් බෝ වන රෝග පැතිර යැමේ අවදානමක් ඇති නිසා දරුවන්ට පාචනය අතීසාරය වැනි රෝග සදහා මාස හයට අඩු දරුවන්ට මව්කිරි බෙදීම අතිශයින්ම වැදගත් වේ
එසේම පාරිසරික ගැටලූ නිසා වියළි පළාත් වල ඇති වී තිබෙන්නා වු වකුගඩු රෝගය ගැන කථාකර යුතුය ජල දුෂණය සමග උැති වන මෙම තත්ත්වය නිසා වකුගඩු රෝග වැළදීමේ අවදානමකටත් වකුගඩු අයින් කරන සැත්කම් සිදු කිරීමට රජයට සිදු වී තිබේ වර්තමාන ආර්ථික රටාව තුළ ජීවිතයක් පවත්වා ගැනීම සදහා වඩාත් සෞඛ්‍යය සම්පන්නව සිටීම අනිවාර්්‍යය අංගයකි රෝග කාරකයන්ට ගොදුරු නොවී සිටීම මෙන්ම රෝගයක් වැළදුණහොත් ඊට ක්ෂණිකව ඉහළ ප‍්‍රතිකරයන් ලබා ගැනීමට සෑම පුරවැසියෙකුම පෙළබේ එබැවින් එම ඉල්ලූමට සරිලන පරිදි සෞඛ්‍යය ක්ෂත‍්‍රය නිදහස්  සෞඛ්‍යය සේවාවක් නමින් හැදින්විය ද ඉහළ මට්ටමේ සමාජ තත්වයේ භූගෝලීය සාධක වැනි විෂමතා හේතුවෙන් බහුතර ගුණාත්මක සේවාවක් ජනතාවට නොලැබෙනු ඇත ඉහළ යන වැඩිහිටි ජනහණය යැපුම් තත්වයකට පත් කිරීම සදහා විධිමත් සෞඛ්‍ය සේවාවක් නොමැති වීම ඈත එපිට දුප්පත් ගම්මානවල ජනතාවට සෞඛ්‍යය පහසුකම් ප‍්‍රමාණයක් ව නොලැබෙන අතරම සුළු රෝගීන්ට ප‍්‍රතිකාර ගබා දෙනවාට වඩා වැඩි යමක් සිදු නොවේ එසේම වසංගත රෝග පැවැත්ම සදහා වු සාධනීය පිළිවෙලක් නොමැති වීම රජයේ රෝහලේ නඩත්තුවට අවශ්‍ය මුදත් නොලැබීමත් ජල විදුලි ආහාර බිල්පත් මත නොහැකි වු අවස්ථා පිළිබදව වාර්ථා වීම දක්නට ලැබේ එමගින් රෝහල් වල යුතුකම් සාර්ථක අයුරින් සිදු නොවීම සහ දුෂණ වංචාවන් සෞඛ්‍යය ක්ෂේත‍්‍ර ආශි‍්‍රතව සිදු වන බවක් කිව හැකිය රෝහල් වලට බෙහෙත් ගෙන්වීමේ දී බාල බෙහෙත් හා වෛද්‍ය උපකරණ ගෙන්වීම මගින් රෝගීන් අනතුරට පත්වීම මෙන්ම සෞඛ්‍යය ක්ෂේත‍්‍රයේ නිලධාරීන් නොතකන අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වේ

ISIS සහ වහප්වාදී සංකල්පය

ISIS කියන්නේ ISÄMIC STATE OF IRAC AND SIRIYA  තේරුම දෙන ලෝක ව්‍යාප්ත සංවිධානයකි ඒ නිල නාමය යි හේ තුළින් ප‍්‍රගුණ වත් කුඩා කණ්ඩායම වශය...