masscom

Sunday, June 30, 2019

සෞඛ්‍ය සන්නිවේදනය යනු

සෞඛ්‍ය සන්නිවේදනය යනු මහජන සෞඛ්‍ය සනීපාරක්ෂාව ගෝලීය සෞඛ්‍ය ප‍්‍රජා සංවර්ධනය යනාදී විෂය ක්ෂේත‍්‍ර ගණනාවක් හා බැදී විෂය ක්ෂේත‍්‍රයකිග එකිනෙක පුද්ගලයාගේ සෞඛ්‍ය සංවර්ධනය සදහා තීන්දු තීරණ ඉහළ දැමීම සදහා අවශ්‍ය බලපෑම් කිරීම හා දැනුවත් කිරීමට සන්නිවේදන ක‍්‍රම සන්නිවේදන වැඩසටහන් හා මැදිහත් වීම් මෙන්ම ඒ හා සම්බන්ධ න්‍යාය හා භාවිතයන් පිළිබදව අවධානය යොමුකරයිග මේ විෂය ක්ෂේත‍්‍රය ලෝකයේ සන්නිවේදනය පිළිබඳ ජාත්‍යයන්තර සංවිධාන හා සමුලූ අතර කැපී පෙනෙන විෂයකි ඉලක්ක ග‍්‍රාහකයා මතට පත් වීම සදහා වඩා ඵලදායී සහ සාර්ථක සෞඛ්‍ය සන්නිවේදනය සදහා බහුවිධ ක්ෂේත‍්‍ර ගණනාවක් භාවිතා කරයි මහජන සෞඛ්‍ය සේවයට අවශ්‍ය ප‍්‍රතිචාර අත්පත් කර ගැනීමෙහිලා වඩාත් වැදගත් මැදිහත් වීම් මෙහිදී වැදගත් වේ
සෞඛ්‍ය සන්නිවේදනය විෂයය ක්ෂේත‍්‍රය හා බැදි ඉලක්ක ප‍්‍රතිඑල කිහිපයක් පහතින් දැක්වේග
සෞඛ්‍ය ගැටලූ පිළිබද ග‍්‍රාහකයා සතු දැනුම හා අවබෝධය වැඩි කිරිම
සෞඛ්‍ය ගැටලූ කෙරෙහි වන චර්යාවන් හා ආකල්ප කෙරෙහි බලපෑම් කිරිම
වඩා සෞඛ්‍ය සම්පන්න ප‍්‍රායෝගික භාවිතාවන් ප‍්‍රායෝගිකව ඉදිරිපත් කිරිම
මහජන  සෞඛ්‍ය අරමුණු හා ප‍්‍රතිඑල කෙරෙහි වන චාර්යාවත්මක වෙනස් කිරිමක් ඇති කිරීමේ දී ඇති වාසි සහ  ප‍්‍රතිඑල පෙන්නුම් කිරීම
සෞඛ්‍ය ගැටලූ හෝ ප‍්‍රතිපත්තියක් මත එයට අදාළ ස්ථරයනට අවශ්‍ය දැනුවත් කිරීම් ලබාදීම
සෞඛ්‍ය සේවාවන්ගේ සහයෝගය හෝ එහි ඇති අවශ්‍යතාව වැඩි කිරිම
සෞඛ්‍ය හා සම්බන්ධ මිත්‍යාවන් සහ වැරදි තේරුම් ගැනීම් පිළිබද අවශ්‍ය කටයුතු සිදු කිරිම
ලෝක සෞඛ්‍ය සංවිධානය වර්තමාන ලෝකයේ වැඩි වශයෙන් සෞඛ්‍ය ගැටලූ පවතින රටවල් පිළිබදව  විශේෂ අවදානමක් යොමු කරන අතර ලෝකයේ දියුණු රටවල  සෞඛ්‍ය ගැටලූ හා පවතින තත්වය ආරක්ෂා කර ගැනිම සදහා අවශ්‍ය උපදෙස් සැපයිම ද සිදු කරයි විශේෂයෙන් අධියර කීපයක් ඔස්සේ එම ආධාර දීමේ වැඩ පිලිවෙල කි‍්‍රයාත්මක වේ
ඒ ඒ රටවල සෞඛ්‍යය ගැටලූ විසදා ගැනිම සදහා අවශ්‍යය උපදේශන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම
අවශ්‍ය ඖෂධ වර්ග ක්ෂණිකව සැපයීම
විශේෂිත අවස්ථාවන්හි  අදාල රටවල් සදහා වෛද්‍යවරු සහිත කාර්්‍යයමණ්ඩල වල සේවය ලබාදීම
ඒ අනුව ලෝක සෞඛ්‍යය සංවිධානය ලෝකයේ සෑම රටක් කෙරෙහිම අවදානය යොමු කරන අතර සමස්ථයක් වශයෙන් සියලූම රටවල් සෞඛ්‍යයමය අතින් හොද මට්ටමක පවත්වාගෙන යාම සදහා සහය වේ පරියේෂණ මගින් අනාවරණය වන පරිදි සහය ලෝකයේ රටවල් වල සෞඛ්‍යය තත්වය අනුව වර්ග 3 කට බෙදා දක්වා ඇතග

ඉතා හොද මට්ටමේ සෞඛ්‍යය තත්වයක් පවතින රටවල්
මැද මට්ටමේ සෞඛ්‍යය තත්වයක් පවතින රටවල්
අතිශයින් අසතුටු දායක තත්වයේ රටවල් 
             
ලෙසිනිග සමස්ථයක් වශයෙන් ගත් කල ලෝකයේ සෑම රටකටම නිවැරදි හා පැහැදිලි සෞඛ්‍යය සන්නිවේදනයක් අවශ්‍ය වේග ඔහි මූලික කාරණා 4 ක් ඉටු කරයිග
පුද්ගලික හා ප‍්‍රජා සෞඛ්‍යය පිළිබද නිවැරදි අවබෝධයක් ලබා ගැනීම
නිවැරදිව රෝග හදුනාගැනීමේ හැකියාව ලබා දීම
ඊට අවශ්‍ය ඖෂධ වර්ගවල අවබෝධය හා ඖෂධ භාවිතය පිළිබද නිවැරදි නිගමනයන් ලබා දීම
රෝගයට ගොදුරු වී සුවකර ගැනීමට වඩා රෝගයකට ගොදුරු නොවී නිරෝගීව සිටීමේ වැදගත්කම අවබෝධ කර දීම
ඉහත කරුණු විමසීමේ දී බොහෝ රටවල් මෙම නිවැරදි ක‍්‍රමවේද පිළිබදව උනන්දුවක් ජනතාව තුළ නොපවතින බව පැහැදිලි කරුණකිග ඒ නිසා සෞඛ්‍යය සන්නිවේදනය යටතේ සිදුවන වැදගත් ක‍්‍රියාවලියක් ලෙස චරියාවන් වෙනස් කිරීම සදහා වු සන්නිවේදනය හදුන්වා දිය හැකියග

ISIS සහ වහප්වාදී සංකල්පය

ISIS කියන්නේ ISÄMIC STATE OF IRAC AND SIRIYA  තේරුම දෙන ලෝක ව්‍යාප්ත සංවිධානයකි ඒ නිල නාමය යි හේ තුළින් ප‍්‍රගුණ වත් කුඩා කණ්ඩායම වශය...