masscom

Wednesday, April 10, 2019

සාම්ප‍්‍රදායික විෂ වෛද්‍ය ක‍්‍රමය

සාම්ප‍්‍රදායික විෂ වෛද්‍ය ක‍්‍රමය

ශී‍්‍ර ලංකාවේ සිංහල ජාතිය තරම්ම පැරණි දීර්ඝ ඉතිහාසයක් දේශීය විශ වෛද්‍ය ක‍්‍රමයට ද තිබේ රාවණ යුගයේ සිට මේ දක්වාම එය නොකඩවා පවත්වා ගෙනවිත් තිබේ එහෙත් අද අපේ විෂ වෛද්‍යවරුන්ට පරීක්්ෂණ කිරීමට දැනුමක් ඉඩකඩක් අතහිත දීමත් මඳය සර්ප විෂ පිළිබඳ නවීන විද්‍යාත්මක සොයා ගැනීම පිළිගැනීමට අකමැති  වීමත් ඇතැම් තැන්වල සදහන් ව ඇති පුස් කොලේ පන්හිදෙන් ලියු නිසාම මිථ්‍යා මත පිළිගැනීමත් ඒ තුල වෛද්‍යවරයා එල්බ ගෙන සිටීමත් අපේ විෂ වෛද්‍යවරුන් ලියන පොත පතේ ද පැරණි වට්ටෝරුත් මිථ්‍යා මතත් ඇතුලූවීම නිසාත් අපේ වෙදකම දිනෙන් දින පිරිහීමට ලක්වෙමින් පවතින බවක් කනගාටුවෙන් කිව යුතුය    1681 දී ලංකාවේ සිරකරුවෙකුව සිටි රොබට් නොක්ස් එදා හෙළදිව පොතේ කියා ඇති අයුරින් එදා හාස්කම් පෙන් වු විෂ වෙදකම පිළිබඳව ද සදහන් කර තිබේ පණ්ඩුකාභය රජු දවස හෙළ ඔසුහල් වල බෙහෙත්  ඔරු පවා තිබුණි නාගයකු සත් වරක් දෂ්්්ඨ කිරීම නිසා දුටුගැමුණු රජතුමා බෙහෙත් ඔරුවක ගිල්වා කපුරුනාද නැමති විෂ වෛද්‍යවරයෙකු සුව ලබාදීමේ කථා පුවතක් වංශ කථාවක දැක්වේ එදා ලංකාවේ සිටි ඒ කපුරුනාද වෛද්‍යවරයා සතුව තිබු ඇතැම් විෂ වෛද්‍ය පොත් අදත් අප පරපුර සතුව පවතින බවක් ද කිය වේ 
ආයුෂය ආරක්ෂා කරන උසස් විද්‍යාව යන්න ආයුර්වේදය යන්නෙහි ප‍්‍රධාන හරය වේ එහි අගද තන්ත‍්‍ර කොටසට විෂ වෛද්‍ය ක‍්‍රමයටද අයත් වේ එහි දී ස්ථාවර ජංගම කෘතීම යන ප‍්‍රධාන විෂ ප‍්‍රභේදයන්ට අමතරව සංයොගජ දුෂී ගර ආදී වශයෙන් උප ප‍්‍රභේද විෂ කිහිපයක් ගැනද විස්තර වෙයි මෙයින් විග‍්‍රහ කරන්නේ ජංගම විෂ ශරීර ගතව ඊට නියමිත අන්දමින් ශරීරය තුළ ප‍්‍රතිදේහ වර්ධනය නොවුණහොත් කල්ගත වන විට වෙනත් රුජා සහ රෝග  රූප ලක්ෂණ පහළ වීමේ ඉඩකඩක් ඇත  එය විෂ වෙදකමේ හැදින්වෙන්නේ දුෂී විෂ කියාය එවන් විෂ කි‍්‍රයා නිසා ශරීරය කෘෂවීම අලස බව බඩ පිපුම අත්පාවල වියලි බව හන්දිපත් රුදාව නිදිමත ඈනුම් යෑම කුෂ්ඨ රෝග වමනය හා වෙනත් ආබාධ හා ඔල්මාදය ඇති විය හැකි බවත් කියවේ 
ශරීරයට නාන ප‍්‍රකාර විෂ ඇතුල්වීමට නොයෙක් හේතූන් ඇත කවර අයුරකින් වුවද විෂ තත්වයක්ම කොටස් දෙකට බෙදා දැක්විය හැකිය 
සර්පයින් ඇතුලූ සතුන් දෂ්ඨ කිරීමෙන් ඇති වන විෂ 
ආහාර වර්ග කොළ මල් ගෙඩි මගින් ශරීරගත වන විෂ       

නාග පොලොං පිඹුරු ආදී විශාල සර්පයින්ගේ පටන් කුඩා වු මකුඵවා පුඩාවා දක්වා විෂ ඇති සෑම සතෙකුගේ සැපීමෙන් වන විෂට පෙර ප‍්‍රතිකාර ක‍්‍රම පෙර රිසි නියමයෙන් බෙහෙවින් ඇත්තේ ය නාග වර්ග අට කුලයක් ඇති බවත් නාගයෙකු දෂ්ඨ කර රෝගියෙකු දුටු සැනින් රෝග ලක්ෂණ හදුනාගන කුමන කුලයට අයත් නාගයෙකු දෂ්ඨ කර ඇත් ද යන්න වෛද්‍යවරයාට හදුනාගත හැකි ය ඈත අතීතයේ සිටම මෑතැක් වන තුරු ලංකාවේ සර්ප දෂ්ඨයට ලක් වු රෝගීන්ගෙන් මිය ගියේ ඉතාම සුලූ ප‍්‍රමාණයකි රජ කාලයේ රාජකීය වෛද්‍යවරයාගේ සිට ප‍්‍රාදේශීය මෙන්ම ගමේ වෛද්‍යවරයා දක්වා ම ඉතාම දක්ෂ පරම්පරාවක 
 වෛද්‍ය ක‍්‍රම උපයෝගී කරගෙන සිදු කළ මෙම වෙදකම ඉතාම සාර්ථක ප‍්‍රථීඵල ගෙන දුන්න කි මෙම වෛද්‍යවරයෙකු අතින් ප‍්‍රතිකාර ලැබු රෝගියෙකු මරණයට පත් වුයේ ඉතා කලාතුරකිනි එවැනි සර්ප දෂ්ඨයන් පිළිබඳව දුත ලක්ෂණ අනුව මෙසේ කියවේ

වෛද්‍ය ක‍්‍රම උපයෝගී කරගෙන සිදු කළ මෙම වෙදකම ඉතාම සාර්ථක ප‍්‍රථීඵල ගෙන දුන්න කි මෙම වෛද්‍යවරයෙකු අතින් ප‍්‍රතිකාර ලැබු රෝගියෙකු මරණයට පත් වුයේ ඉතා කලාතුරකිනි එවැනි සර්ප දෂ්ඨයන් පිළිබඳව දුත ලක්ෂණ අනුව මෙසේ කියවේ

වර්ග මෙන්ම කැද වර්ග සාදා රෝගියා සුවපත් කරනු ලැබේ ආහාර විෂ වීමද මේ විෂ ශ‍්‍රාස්ත‍්‍රයේ තවත් පැතිකඩකි සමහරක් ආහාර                                         එකිනෙකට ගත් කල විෂ වේ ඈත අතීතයේ පටන් අදටත් මේ ආහාර විෂ වීම නිසා මිනිසුන්ට ජීවිත හානි පවාද ඇති වී තිබේ 
තුන් සැදෑව තුන්යට දේවාලයෙහි -පාලූගෙයි සොහෙන තුබසේ උයනේහි -ග‍්‍රාම ප‍්‍රජ්‍යතා දෙක වන තැනෙහි -කාල දෂ්ඨ පෙර කිවේ ඉසිබනෙහි 
මෙසේ පුරාණ වෙද පොත් වල සදහන් වන්නා සේම එම කියමන සනාථ කරමින් එවැනි දෂ්ඨයන්ට පෙර ආත්ම බව වල සිට එන කර්මානුරූපව සිදු වන දෂ්ඨ කිරීම් බැවින් එවැනි රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ අසාර්ථක බව පවසාම 
  මේ දෙකොසට ම එක් තැන් කරමින් ඒ    පිළිබඳ මනා වු අවබෝධයක් ලබා ගැනීමට විෂ වෛද්‍යවරයෙකු මුණ ගැසීමට සිදු විය 
ඔහු නමින් දිවයිනට ම සාමවිනිසුරු විෂ වෛද්‍ය                       
ජයලත්ගේ ඇඞ්වින් වෙද මහතා ය එතුමා ගාල්ල දිස්ති‍්‍රක්කයේ ඇල්පිටිය ප‍්‍රදේශ
යේ වාසය කරන සාම්ප‍්‍රදායික වෙද ක‍්‍රමය 
ක‍්‍රමය අනුව වෙදකම් කරම්න් මිනිස් ජීවිත රැුසක් බේරාගත් අයෙකි 

ප‍්‍රතිකාර ඇරඹීම සිරිතකි සර්ප විෂ නිසා සිහිමුර්ජා වන රෝගීන්ගේ සිහි එළබවා ගැනීම සහ සුවපත් කිරීම සදහා පාරම්පරික විෂ වෙදකමේ භාවිත වන ඖෂධ රාශියකි ඒ අතර නස්න වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි එසේම කන්ද සර්ප විෂ වෙද කමේ එන විශේෂ පිරිතකි මෙම පිරිත බුදුරදුන් දේශනා කරන ලද විෂටම අදාල පිරිත කි මෙවැනි ගුප්ත විද්‍යා ක‍්‍රම සර්ප විෂ වෙදකම ට පමණක් සීමා නොවේ සියලූ සර්වාංග රෝග සඳහා යන්ත‍්‍ර මන්ත‍්‍ර කෙම් ක‍්‍රම පාරම්පාරික වෙදකමේ සුව්ශේෂී වු දෙයකි සියලූ රෝග සඳහා යන්ත‍්‍ර මන්ත‍්‍ර හා තන්ත‍්‍ර උපයෝගී කර ගැනීම අප වෙදකමේ එන අංගයකි විෂ ශරීරගත වු රෝගියෙකු ට වමනය ඉක්කාව බඩයාම  ශරීර දාහය හිසරදය උණ තත්වය මෙන්ම සප්ත ධාතු විෂ පැතිරීම නිසා සිහිමුර්ජා වේ පස්වන ධාතුව කරා විෂ පැතිරීමට පෙර සාමාන්‍ය ඖෂධ මගින් ප‍්‍රතිකාර කරනු ලැබේ  වෛද්‍යතුමනි විෂ වෙදකම කෙබදු ද
දේශීය වෙදකම තුළ ප‍්‍රතිකාරයන් පවතින්නේ ආගම දහම මතය තන් ලොවට ම ඖෂධ ලබා දුන් වෛද්‍යවරයා වුයේ බුදුරජාණන් වහන්සේ ය මගේ අතේ තියෙන්නෙත් උන් වහන්සේගේ ඖෂධ ගබඩාවේ බෙහෙත් ස්වල්පය කි තුනුරුවන්ගේ බලපෑම රෝගියෙකු සුවපත් කිරීමට අත්‍යාවශ්‍ය වන අතර ම ඇතැම් විෂ ශරීර ගත වු විට මාරාන්තික තත්වයන් ද ඇති විය හැකිය මිනිස් ශරීරය ට දෙයාකාර ව විෂ ඇතුලූ වේ
සර්පයින් ඇතුලූ සතුන් දෂ්ඨ කිරීමෙන් ඇති වන විෂ 
ආහාර වර්ග කොළ මල් ගෙඩි මගින් ශරීරගත වන විෂ    
මේ විෂ ශරිරගත වු පසු මිනිස් ශරීරය අඩපණ වේ 
වෛද්‍යතුමනි ශරිරගත වුන විට විෂ වන ආහාර මොනවාද ශරීරය කෙබඳු වෙනසක් වන්නේ ද
සාමාන්‍යයෙන් විරුද්ධ පාර්ශවීය ආහාර දෙකක් ශරීර ගත වීමෙන්ද විෂ සහිත මල් ගෙඩි ශරීරගත වීමෙන්ද විෂ ශරීර ගත වේ නගාමරු නියගලා හොඩල ආදී අල විෂ වීමෙන් මානසික විකෘතිතා ද ඇතිවිය හැකිය මීයන් සපෑ කෑ අල වර්ග ද විෂ වේ තවද අත්තන ඇට නිසා මානසික රෝග අන්නාසි ගැට ගැබිණි මව්වරුන් ආහාරයට ගත් කල දරුගැබට හානි දිවි කදුරු හා ගොඩ කහරු නිසා චර්ම රෝග ඇතිවේ ශරීරයට ස්පර්ශ වුණොත් බදුල්ල ගහේ කිරි කහබිලියා පන්ගම් වැල් මුළු ඇගම කසන්නට ගන්නා අතර රතු පැහැති පලූ දමා ඒවා කුෂ්ඨ දද ආදියට හැරේ එවිට බෙහෙත් කැද වතුර කසාය වර්ග මෙන්ම ශරීර ආලේපන ඖෂධ ලබා දෙනවා දින 2-3 ගත වන විට බෝහෝ සුව අතට හැරෙනවා 
එතකොට වෛද්‍යතුමනි සර්ප විෂ යන්න කෙටියෙන් කියුවොත් කොහොමද 
මිහිතලය මත හැම සර්ප විශේෂයකටම 8 මහා කුලයක් තියනවා උන් සපාකෑම හා දෂ්ඨ කිරීම දෙයාකාර යි දෂ්ඨ කිරිම තුලින් විෂ ශරීර ගත වෙලා මිය යන්නත් තියෙන ඉඩකඩ බෙහෙවින් වැඩිය සර්පයන් අතරත් 
උග‍්‍ර විෂ සහිත                                                
මද විෂ සහිත
විෂ රහිත වශයෙනි   මේ පාෂාණය රෝගියාගේ තුවාලයට විනාඩි 5-10 ත් අතර තබමින් විෂ අද්දනු ලැබේ බෝහෝ සෙයින් එවිට රෝගියා සුවපත් වේ 
වෛද්‍යතුමනි සාම්ප‍්‍රදායික විෂ වෙදකමේ වර්තමාන තත්වය කෙබදුද
බටහිර වෙදකමට වර්තමානය යොමු විය ද රෝහලෙන් දින 21 කින් කසාය ලබා දීමට අප වෙතට එවයි  එවිට විෂ නැසීමට අප ඖෂධ ලබා දෙයි කෙසේ වුවත් මෙවායින් මනාව පැහැදිලි වන්නේ දේශීය විෂ වෙදකම අදටත් පවතින අතර එයට ජනයාගේ විශ්වාය ඒ හා මනාව පවතින බවයි. 

ISIS සහ වහප්වාදී සංකල්පය

ISIS කියන්නේ ISÄMIC STATE OF IRAC AND SIRIYA  තේරුම දෙන ලෝක ව්‍යාප්ත සංවිධානයකි ඒ නිල නාමය යි හේ තුළින් ප‍්‍රගුණ වත් කුඩා කණ්ඩායම වශය...