masscom

Sunday, July 28, 2019

ISIS සහ වහප්වාදී සංකල්පය








ISIS කියන්නේ ISÄMIC STATE OF IRAC AND SIRIYA  තේරුම දෙන ලෝක ව්‍යාප්ත සංවිධානයකි ඒ නිල නාමය යි හේ තුළින් ප‍්‍රගුණ වත් කුඩා කණ්ඩායම වශයෙන් වහපු වාදී දර්ශනය තුළින් කුඩා සංවිධාන ලෙස ව්‍යාප්ත වීම මෙහි විශේෂත්වයකි සංවිධානයේ නායකයා අබුබකර් අල්බග්ටාලි නම් වේ   ඔවුන් අනුගමනය කරන්නේ කෲර පිළිවෙතකි  ට අවශ්‍ය වන්නේ ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනගා ගැනීමය අන්‍ය ආගමිකයන් කපා කොටා ඝාතනය කර ඉස්ලාමීය ආධිපත්‍යයක් ගොඩනගා ගැනීම සහ අධිරාජයන් බලහත්කාරයෙන් අල්ලාගෙන ඒවා ආක‍්‍රමණය මොවුන්ගේ පිළිවෙතයි

ISIS සංවිධානය කරලියට පැමිණෙන්නේ 2014 දී පමණය එහෙත් එහි බිහිවීම 1998 -1999 දක්වා දිවයයි ඔවුන්ගේ ඔවුන් පිළිපදින්නේ   අල්-වහාබ්  දර්ශකයාගේ හෙවත් වහබ්වාදී දර්ශනය යුරෝපා රටවල් හා ආසියාතික රටවල් හරහා ඔවුන් තම සංවිධානය ප‍්‍රචාරණ කටයුතු නව මාධ්‍ය හෙවත් SOCIAL MEDIA  හරහා සිදු කරයි එහිදී වට්ස්ඇප් යූටියුබ් ටිවිටර් හරහා ප‍්‍රචාරණය සිදු කරනු ලබයි වහප්වාදය වූ කලී අල්ලා දෙවියන් අදහමින් සිටින ස්වාමියන් පමණක් ජාතිය කරගෙන ගොඩනඟන දර්ශනයකි ඒ දර්ශනයට අනුව අනෙක් දර්ශනය ආගම් විවේචනය කර යුතු අතරම ඒවා අදහන්නන් මරා කොටා ඝාතනය කර පසුව ඔවුනට ස්වර්ග ගතවේ යැයි එහිදී කන්‍යාවන් හැත්ත දෙකක් ලැබෙතැයිි ඔවුන් විශ්වාස කරනු ලබයි වහබ්වාදී දර්ශනය එසේ වේ

එදා පාස්කු ප‍්‍රහාරය හා සහරාන්ගේ ගමන්මග

තව්හිද්ජමාත් යනු මුස්ලිම් ජනවර්ග කණ්ඩායම් ඔවුන් එක් දෙවියෙක් පමණක් අදහන කණ්ඩායම ලෙස හඳුන්වන අතර ඔවුන් විශ්වාස කරන්නේ අල්ලා දෙවියන් පමණක් ලෝකයේ සිටින එකම දෙවියන් ලෙසය මෙම කණ්ඩායමේ නිජභූමිය කාත්තන්කුඩි ප‍්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් පවත්වන්නා අතර ඔවුන් යුද්ධය පැවති සමයේ එල්ටීටීඊ සමග සෘජුව කැති මන්නා රැුගෙන සටන් කළ අයවලූන් වේ එහෙත් යුද්ධය අවසානයෙන් පසුව ශ‍්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය ලෙස ඔවුන් කටයුතු සිදු කරන අතර 2017 වසරේදී සහරාන් අන්තවාදී අදහස් දරමින් වහප්වාදය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත තුළ දේශන පවත්වමින් යන්නට විය මෙහිදී තව්හිද් ජමාත් සංවිධානය මැද්දෙන් පිපිරී ගිය අතර අවසානයේ අවියෙන් ප‍්‍රශ්නය විසඳාගන්නා තෙක් වැඬේ දුරදිග ගියේය මෙහිදී සහරාන් සහ ඔවුන්ගේ සහෝදරයා බන්ධනාගාර ගතවු අතර එසේ මාස හතක් බන්ධනාගාරයේ සිටි සහරාන් එළියට එන්නේ හොඳ කථිකයකු ලෙස ය එසේ පැමිණි ඔහු දක්ෂ ලෙස හසුරවමින් කාත්තන්කුඩි ප‍්‍රදේශයේ දේශනා කරන්නට විය එක්  දේශනයක මෙසේ සඳහන් වෙයි යම් ආගමික පුද්ගලයෙක් මට හොඳම උදව්ව ලබාදී තමා එය ගැන සතුටු වන්නේ නැත මා ඔහුට වෛර කරන්නේ ඔහු අල්ලා දෙවියන් යදින්නෙක් නොවන නිසාය මේ ආකාරයෙන් වූ දේශන සිදු කරමින් ඔහු සමාජ ජාලා හරහා අනුගාමිකයන් එකතුකරමින් සිට ඇත කෙසේ වෙතත් ඒ වන විට සහරාන්  ජාතික තව්හිත් ජමාත් සංවිධානය ලෙස සංවිධානයක් පිහිටුවාගෙන තිබුණේ එහෙත් මීට කාත්තන්කුඩි මුස්ලිම් ජනතාව විරුද්ධ වුණු අතර සහරාන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට පැමිණිලි පිට පැමිණි සහරාන් සිටියේ නිදැල්ලේය මේ ආකාරයට තව්හිද් ජමාත් සංවිධානයේ සුලමුල මෙසේ විය ඔවුන්ගේ එකම අභිප‍්‍රාය වූයේ වහප්වාදී දර්ශනය හෙවත් වහාබිසම් ශ‍්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කරලීමයි එදා පාස්කු ප‍්‍රහාරය ඔවුන් සිදුකරන්නේ ලංකාවම කම්පාවට පත් කරමින් ඔවුන්ගේ දර්ශනයට පිටිවහලක් ලබා ගැනීමට විය

Friday, July 26, 2019

රූපවාහිනී ආචාරධර්ම


 රූපවාහිනිය නැරඹීමේ මාධ්‍යයකි එය ඉතා ප‍්‍රබලය විශාල ජන කොටසක් ආවරණය වන පේ‍්‍රක්ෂක කුලකයකි කවුරුත් බලන නිසා කාටත් පොදු භාවිතයක් පවතී භාවිතයේ පවතින බැවින් කාටත් අපහසුතාවක් නොවන ආකාරයට ඒ බල පැවැත්විය යුතුයි ඒ නීතිමය වශයෙන් කිසියම් රාමුවකට සීමා වුවත් කුඩා කුඩා වශයෙන් නීතිය උල්ලංඝනය කරයි ඒ නොදැනුවත්ම මහා විශාල ඛේදවාචකයක් බවට පත්වේ ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාවය පවතින්නේ මෙවැනි තත්ත්වයක් තුළ දීය කුඩා කුඩා ආචාර ධර්ම පද්ධතියකින් මහා විශාල සම්ප‍්‍රදායක් මතුවේ මහා සම්ප‍්‍රදායෙන් රාශියකී ඝාතනය කරන නීති අණපනත් බිහි වේ මේ අනුව සමාජය සංවිධානය කිරීමේ කාර්යභාරය දී සමාජ ආචාරධර්ම පද්ධතියක වටිනාකම ඉතා තදින් දැනෙයි මාධ්‍යයක් වශයෙන් රූපවාහිනිය ආචාරධර්මවලට පවතින සුවිශේෂී සදාචාර සම්පන්න වූ සමාජ ප‍්‍රවේශයකි
ප‍්‍රධාන වශයෙන් රූපවාහිනී ආචාරධර්ම වනුයේ

රූපවාහිනි පරිපාලනමය ආචාරධර්ම
විකාශන  ආචාර ධර්ම
ප‍්‍රතිපත්තිමය ආචාරධර්ම
නිවේදන නිවේදිකාවන් අතර පවතී ආචාරධර්ම
රූපවාහිනි ඉදිරි ඉදිරියේ පෙනී සිටි සඳහා බලපැවැත්වෙන ආචාරධර්ම
ඇසට හරි වැඩසටහනට බලපැවැත්වෙන ආචාරධර්ම
සමස්ත භාවිත විශේෂ ශයෙන් රූපවාහිනි භාවිතා කරන්නන්ට විශේෂයෙන්ම පේ‍්‍රක්ෂකයන්ට බලපැවැත්වෙන ආචාරධර්ම
තාක්ෂණික වශයෙන් වන ආචාර ධර්ම

රූපවාහිනි නිර්මාණකරුවාට තමාගේ සීමාවේ පවතින ආචාරධර්ම සම්බන්ධයෙන් අනිවාර්ය අවබෝධයක් අවශ්‍යයි මේ ආකාරයට ආචාරධර්ම මගින් අදාල රටේ සමාජ ක‍්‍රමයේ ලක්ෂණ කියාපායි මේ අනුව තමාට ලැබෙන දුර්ලභ අවස්ථාවෙන් රූපවාහිනී වැඩසටහන් කරුවා තමාට ආවේණික ආචාරධර්ම සමුදායක් සඳහා කිසියම් අවබෝධයක පැවතිය යුතුවේ නමුත් ලංකාව තුළ මානව ගුණධර්ම සාරධර්ම මහ ඉහළින් වර්ණනා කළද ඊටත් වඩා පහළට රූපවාහිනි ආචාර ධර්ම හා මාධ්‍ය භාවිතාව ඉතා අසාර්ථක ඊට හේතුවනම් අවබෝධය දුර්වලතාවයන්ට වඩා වැඩසටහන පවතින පලපුරඅද්දේ අඩුපාඩුව ආචාරධර්ම නොතකා නොසලකා සමාජ පදනම ගුණාත්මක බව හා ඒ කතාව බිඳ නිර්මාණය වන රූපවාහිනී වැඩසටහනකින් නරුම පරිසරයක අවලස්සන කියාපානු ඇත

රූපවාහිනී ශෝනර යනු


රූපවාහිනිය ආශ්චර්යමත් ජන සන්නිවේදන මෙවලමකි නූතන රූපවාහිනිය විද්‍යුත් වර්ණාවලිය කින් සමන්විත වන උපකරණයක් වේ මේ නිසාම ඊට පේ‍්‍රක්ෂකයා ඇද බැඳ තබාගැනීමට පුදුමාකාර පවතින ලෙස පේ‍්‍රක්ෂකයාගේ මනස ඊට රඳවා ගැනීමටත් විවිධ ප‍්‍රයෝග වූයේ තම හැසිරීමෙන් රූපවාහිනිය අනුගතවීම උපකරණයක් වශයෙන් හැඳින්විය හැක  රූපවාහිනි මාධ්‍ය ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් ලෙස වර්ධනය වන්නේ ඒ තුළ ගැබ් වන වැඩසටහන් හෙවත් රූපවාහිනී නිසාවෙනි  රූපවාහිනි වැඩසටහන් සංකීරණ වශයෙන් පඨිතයක් සමන්විත රූපවාහිනිය ජනමත ප‍්‍රධානියා වේ එය තවදුරටත් පරමාදර්ශය වශයෙන් පේ‍්‍රක්ෂක ජනතාවට සිය අවශ්‍යතාවයන් තීරණය කර දෙනු ලබයි පරපුරෙන් පරපුරට දැනුම රැුගෙන යාමේ කාර්යයේ දී තවදුරටත් ඒ අධිකාරී බලයක් ද පවරාගෙන ඇත පේ‍්‍රක්ෂක ජනතාව කැමැති වුවත් නැතත් ඒ වෙත යම් ප‍්‍රමාණයක් ගෙන කිරීමද සිදුකරනු ලබයි ආරක්ෂාව පිළිබඳ කාරණයේ දී රූපවාහිනිය ඉතාම ඉහළ වගකීමක් වනු ඇත කුඩා ප‍්‍රවෘත්තිය පවා රටේ ජීවිතය අවුල් වන්නට වුවත් හැකිය මේ නිසා ජනතාවගේ ආරක්ෂාව යන කාරණයේදී රූපවාහිනී වැඩසටහන් විශාල වගකීමක් දරයි රූපවාහිනී වැඩසටහන් මගින් පුද්ගලයාගේ පද පදනමට දැක්ම හැඟීමක් දර්ශනයක් ඇති කළ හැකි නමුත් ඔහු අනුකරණවාදී මෝඩයෙකු වශයෙන් හෝ අනුකරණවාදී බුද්ධිමතෙකු වශයෙන් මෙහෙයවමින් ගොඩනැගේ එය විශේෂයෙන් විශේෂයක් වශයෙන් සන්නිවේදන සමාජයේ සංවර්ධනාත්මක සන්නිවේදන විෂයට අදාළ ය

 රූපවාහිනී ශෝනර හෙවත් වැඩසටහන් පහත  පරිදිය

වාර්තා වාර්තා ස්වරූපය වැඩසටහන්
කාලීන වැඩසටහන්
ප‍්‍රවෘත්ති හා නිවේදන
දේශපාලන වැඩසටහන
ටෙලිනාට්‍ය ටෙලි චිත‍්‍රපටය ඒකාංගික නාට්‍ය
ආගමික වැඩසටහන්
කී‍්‍රඩා වැඩසටහන්
ලොතරැුයි වැඩසටහන්
කාන්තා වැඩසටහන්
රූපාලංකාර වැඩසටහන් කාටුන් හා ළමා චිත‍්‍රපට
සෞන්දර්ය යාත්මක සංගීත වැඩසටහන්
මැතිවරණ විකාශන
දිසි දැන්වීම ආශ‍්‍රිත වැඩසටහන්
වෙළෙඳ දැන්වීම්
වැඩසටහන් කාණ්ඩ
ප‍්‍රචාරක දර්ශන
තරුණ වැඩසටහන්
සිනමා චිත‍්‍රපට
විනෝදාත්මක වැඩසටහන්
විදෙස් තොරතුරු
පාරිසරික වැඩසටහන් 

Tuesday, July 16, 2019

අලූතින්ම සංස්කෘතියට එකතු වූ bride to be a party සංකල්පය


අලූතින්ම සංස්කෘතියට එකතු වූ bride to be a party සංකල්පය





 ලංකාව තුන්වන ලෝකයේ රටක් ලෙස දිනෙන් දින දියුණු වන  විට ලෝකයේ  විවිධ රටවල් වල සංස්කෘතික ආභාෂයන් ගෙන ලංකාව තුළ සංස්කෘතියක් ගොඩනඟා ගැනීමක් විටින් විට සිදුවේ දිනෙන් දින මොහොතින් මොහොත අලූත් දෑ එකතුවේ විචාරකයින්ගේ පිළිගැනිමයි 
ජනප‍්‍රිය සංස්කෘතිය යනු ජන මෝහනීය මාධ්‍යයක් ලෙස මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ප‍්‍රකාශ කර සිටි ආකාරයට ම ජනප‍්‍රිය සංස්කෘතිය ජනයා මෝහනයෙන් ගෙන යාමට උත්සාහ ගන්නා වූ බවත් ජනප‍්‍රිය සංස්කෘතිය තුළ ගැබ්ව ඇත
 ගෝලීයකරණය සමඟ තාක්ෂණයට වූ සමාජය තුළ විවිධ වෙනස්කම් රැුසකට ලක් වී ඇත වර්තමානයේ ජනප‍්‍රිය අංගයක් වන මංගල දිනයට දින කිහිපයකට පෙර සිදුකරන  උත්සව සාදයක් වැනි  අංග  අලූතින් සංස්කෘතියෙන් කාලෙන් කාලයට ලංකාවට පැමිණ ඇත වත්මනේ  බොහෝ මනාලියන්ගේ මංගල දිනය වෙනුවෙන් ඇගේ මිතුරු මිතුරියන් එක්ව ඇය වෙනුවෙන් පවත්වන සාදය මෙසේ හඳුන්වයි ලංකාව තුළ දිනෙන් දින වෙනස්වන සංස්කෘතිය අනුව ජනප‍්‍රිය සංස්කෘතියට විවිධ දේ එකතු වේ මංගල උත්සව වල විවිධ අංග එකතුවන්නට මේ කාලය දක්නට ලැබෙන්නේ එහිදී Free Shoot ,bride to be a party වැනි අංගයන් අද කාලයේ වැඩි වශයෙන් දක්නට ලැබේ එදා මෙන් නොව අද වන විට විවාහ උත්සවයක දී මුදල් බොහෝ වියදමට ලක් වනු ඇත මනමාලි මංගල දිනයට පෙර විවිධ සාදයන් හා විශේෂ අවස්ථාවන් පැවතීම මනාලියට ඇයගේ ජීවිතයේ වටිනාම දිනය වන ඒ විවාහ මංගල උත්සවය ඇයට රුචි පරිදි හැඩගස්වා ගැනීමට හැකි වනු ඇත 

Monday, July 15, 2019

වත්මන් සමාජයේ එක් පැතිකඩක්


වත්මන් සමාජයේ එක් පැතිකඩක්









නගියි බස් රථයට 
ගනියි දුරකථන අතට 
නොබලයි වට පිටක් කිසිවිට 
යයි බුකියේ උඩට පහළට 
සිනාසෙයි තනිවම බලමින් එයට 

අලූත් තාක්ෂණෙන් ආ 
මේ මුහුණු පොතකින් ආ 
නව සබදකම් ගොඩනැගෙමින් ආ 
අමුතු හදියක් වෙමින් පවතිනුයි ආ 

බොහෝ තොරකුරු ඇතත් මෙහි 
ජීවිතයම කොටුව ඇතැයි මෙහි 
වැදගත් නොවැදගත් තතු ඇතත් එහි 
මනුසත්තම් පරව ගොස් ඇත මුහුණුපොත තුළෙහි 

ISIS සහ වහප්වාදී සංකල්පය

ISIS කියන්නේ ISÄMIC STATE OF IRAC AND SIRIYA  තේරුම දෙන ලෝක ව්‍යාප්ත සංවිධානයකි ඒ නිල නාමය යි හේ තුළින් ප‍්‍රගුණ වත් කුඩා කණ්ඩායම වශය...