ISIS කියන්නේ ISÄMIC STATE OF IRAC AND SIRIYA තේරුම දෙන ලෝක ව්‍යාප්ත සංවිධානයකි ඒ නිල නාමය යි හේ තුළින් ප‍්‍රගුණ වත් කුඩා කණ්ඩායම වශයෙන් වහපු වාදී දර්ශනය තුළින් කුඩා සංවිධාන ලෙස ව්‍යාප්ත වීම මෙහි විශේෂත්වයකි සංවිධානයේ නායකයා අබුබකර් අල්බග්ටාලි නම් වේ ඔවුන් අනුගමනය කරන්නේ කෲර පිළිවෙතකි ට අවශ්‍ය වන්නේ ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනගා ගැනීමය අන්‍ය ආගමිකයන් කපා කොටා ඝාතනය කර ඉස්ලාමීය ආධිපත්‍යයක් ගොඩනගා ගැනීම සහ අධිරාජයන් බලහත්කාරයෙන් අල්ලාගෙන ඒවා ආක‍්‍රමණය මොවුන්ගේ පිළිවෙතයි
ISIS සංවිධානය කරලියට පැමිණෙන්නේ 2014 දී පමණය එහෙත් එහි බිහිවීම 1998 -1999 දක්වා දිවයයි ඔවුන්ගේ ඔවුන් පිළිපදින්නේ අල්-වහාබ් දර්ශකයාගේ හෙවත් වහබ්වාදී දර්ශනය යුරෝපා රටවල් හා ආසියාතික රටවල් හරහා ඔවුන් තම සංවිධානය ප‍්‍රචාරණ කටයුතු නව මාධ්‍ය හෙවත් SOCIAL MEDIA හරහා සිදු කරයි එහිදී වට්ස්ඇප් යූටියුබ් ටිවිටර් හරහා ප‍්‍රචාරණය සිදු කරනු ලබයි වහප්වාදය වූ කලී අල්ලා දෙවියන් අදහමින් සිටින ස්වාමියන් පමණක් ජාතිය කරගෙන ගොඩනඟන දර්ශනයකි ඒ දර්ශනයට අනුව අනෙක් දර්ශනය ආගම් විවේචනය කර යුතු අතරම ඒවා අදහන්නන් මරා කොටා ඝාතනය කර පසුව ඔවුනට ස්වර්ග ගතවේ යැයි එහිදී කන්‍යාවන් හැත්ත දෙකක් ලැබෙතැයිි ඔවුන් විශ්වාස කරනු ලබයි වහබ්වාදී දර්ශනය එසේ වේ
එදා පාස්කු ප‍්‍රහාරය හා සහරාන්ගේ ගමන්මග
තව්හිද්ජමාත් යනු මුස්ලිම් ජනවර්ග කණ්ඩායම් ඔවුන් එක් දෙවියෙක් පමණක් අදහන කණ්ඩායම ලෙස හඳුන්වන අතර ඔවුන් විශ්වාස කරන්නේ අල්ලා දෙවියන් පමණක් ලෝකයේ සිටින එකම දෙවියන් ලෙසය මෙම කණ්ඩායමේ නිජභූමිය කාත්තන්කුඩි ප‍්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් පවත්වන්නා අතර ඔවුන් යුද්ධය පැවති සමයේ එල්ටීටීඊ සමග සෘජුව කැති මන්නා රැුගෙන සටන් කළ අයවලූන් වේ එහෙත් යුද්ධය අවසානයෙන් පසුව ශ‍්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය ලෙස ඔවුන් කටයුතු සිදු කරන අතර 2017 වසරේදී සහරාන් අන්තවාදී අදහස් දරමින් වහප්වාදය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත තුළ දේශන පවත්වමින් යන්නට විය මෙහිදී තව්හිද් ජමාත් සංවිධානය මැද්දෙන් පිපිරී ගිය අතර අවසානයේ අවියෙන් ප‍්‍රශ්නය විසඳාගන්නා තෙක් වැඬේ දුරදිග ගියේය මෙහිදී සහරාන් සහ ඔවුන්ගේ සහෝදරයා බන්ධනාගාර ගතවු අතර එසේ මාස හතක් බන්ධනාගාරයේ සිටි සහරාන් එළියට එන්නේ හොඳ කථිකයකු ලෙස ය එසේ පැමිණි ඔහු දක්ෂ ලෙස හසුරවමින් කාත්තන්කුඩි ප‍්‍රදේශයේ දේශනා කරන්නට විය එක් දේශනයක මෙසේ සඳහන් වෙයි යම් ආගමික පුද්ගලයෙක් මට හොඳම උදව්ව ලබාදී තමා එය ගැන සතුටු වන්නේ නැත මා ඔහුට වෛර කරන්නේ ඔහු අල්ලා දෙවියන් යදින්නෙක් නොවන නිසාය මේ ආකාරයෙන් වූ දේශන සිදු කරමින් ඔහු සමාජ ජාලා හරහා අනුගාමිකයන් එකතුකරමින් සිට ඇත කෙසේ වෙතත් ඒ වන විට සහරාන් ජාතික තව්හිත් ජමාත් සංවිධානය ලෙස සංවිධානයක් පිහිටුවාගෙන තිබුණේ එහෙත් මීට කාත්තන්කුඩි මුස්ලිම් ජනතාව විරුද්ධ වුණු අතර සහරාන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට පැමිණිලි පිට පැමිණි සහරාන් සිටියේ නිදැල්ලේය මේ ආකාරයට තව්හිද් ජමාත් සංවිධානයේ සුලමුල මෙසේ විය ඔවුන්ගේ එකම අභිප‍්‍රාය වූයේ වහප්වාදී දර්ශනය හෙවත් වහාබිසම් ශ‍්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කරලීමයි එදා පාස්කු ප‍්‍රහාරය ඔවුන් සිදුකරන්නේ ලංකාවම කම්පාවට පත් කරමින් ඔවුන්ගේ දර්ශනයට පිටිවහලක් ලබා ගැනීමට විය