ජන මාධ්‍ය යනු දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් සිදුවන සියලූ තොරතුරු පිළිබ`දව සාමාන්‍ය මිනිසාට නොහොත් පොදු මිනිසාට දැනගත හැකි ප‍්‍රධානතම ක‍්‍රමයයි. මෙය ලෝකයේ ඕනෑම අවස්ථාවක ඕනෑම තැනක සිදු වූ සිදුවීම් ලෝකවාසීන්ට දැනගත හැකි ප‍්‍රබල මාධ්‍යයක් බවට පත් වී තිබේ. වර්තමානය වන විට මිනිසාගේ නොයෙකුත් ආශාවන් සිතුම් පැතුම් ඉටුවනවා වගේම ඔවුන්ගේ ප‍්‍රශ්න ගැට`ඵවලට විස`දුම් ලබාදෙන ප‍්‍රබල මාධ්‍යයක් බවට ජන මාධ්‍ය පත්ව තිබේ.
රූපවාහිනී මාධ්‍ය යනු ජනසන්නිවේදන විද්‍යාවට අනුව මාධ්‍ය යන වචනය නිර්වචනය කරන්නේ, ‘‘සන්නිවේදකයෙකු විසින් අභිමත සංදේශයක් ග‍්‍රාහක ක්‍ෂිතය කරා යොමු කරවීම ස`දහා උපයෝගී කරගනු ලබන වාහකය හැ`දින්වීමටය.’’ සන්නිවේදන සහ මාධ්‍ය අධ්‍යාපනය පිළිබ`ද ශබ්ද කෝෂයේ මාධ්‍යය යන්න අර්ථ දක්වන්නේ මෙසේය. මාධ්‍ය යනු සන්නිවේදනය කළ යුතු සංදේශය සම්පේ‍්‍රෂණය කළ හැකි පරිදි සංඥා බවට හරවා නියමිත නාලිකාවක් ඔස්සේ යවන භෞතික හා කාර්මික ක‍්‍රියාමාර්ගයකි. නිදසුනක් ලෙස රූපවාහිනිය වුවහොත් එය දෘශ්‍ය හා ශ‍්‍රව්‍ය නාලිකා යොදාගනු ලබන මාධ්‍යයකි. රූපවාහිනිය වූ කලී බහු ජන මාධ්‍යයක් වශයෙන් දෘශ්‍ය හෙවත් රූපයත් ශ‍්‍රව්‍ය හෙවත් ශබ්දයත් යන දෙමාධ්‍යයේම සංකලනයෙන් යුක්ත වූ ජංගම මාධ්‍යයක් වශයෙන් සැලකේ. රූපවාහිනී මාධ්‍ය එකවර පුද්ගලයාගේ ඉන්ද්‍රියන් දෙකකට ආමන්ත‍්‍රණය කරන බව සන්නිවේදන විද්‍යාඥයකු වන මාර්ෂල් මැක්ලූහන් ප‍්‍රකාශ කරයි. දෘශ්‍ය නැතහොත් රූපය ශබ්ද නැතහොත් හ`ඩ මුල්කර ගනී. රූපවාහිනී යන වචනයත් ‘‘තෙලදසුන’’ යනුවෙන් ද හැ`දින්වේ. එහෙත් රූපවාහිනිය යනුවෙන් ප‍්‍රචලිතව අද භාවිතා කෙරෙන සිංහල වචනයෙන් දුරක සිට දැකීම යන අර්ථය ජනිත නොවේ. එයින් හැ`ගවෙන්නේ රූපවහනය කරන නැතිනම් රූප ගෙනයන වැනි අදහසකි. රූපවාහිනී මාධ්‍ය ගැන අධ්‍යයනය කිරීමේදී විශේෂ අවදානය යොමු කළ යුතු අංශ කිහිපයක් වේ.
⋆ ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි
⋆ විද්‍යුත් සහ විකාශන මාධ්‍යයකි
⋆ සජීවී මාධ්‍යයකි
⋆ කලා නිර්මාණ මාධ්‍යයකි
⋆ ජන මාධ්‍යයකි
⋆ තාක්‍ෂණික මාධ්‍යයකි
මේ ආකාරයට හ`දුන්වා දිය හැකි අතරම රූපවාහිනී විද්‍යුත් සන්නිවේදන මාධ්‍යක් ලෙස රේඩියෝ විද්‍යාව, ඉලෙක්ටොනික විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව හා විදුලි සංදේශ විද්‍යා යන ක්‍ෂේත‍්‍ර ගණනාවක් සම`ග සම්බන්ධ වී ඇත. රූපවාහිනී මාධ්‍යයේ ස්වභාවය අංශ ගණනාවක් ඔස්සේ පරීක්‍ෂා කර බැලිය හැකිය.
⋆ විද්‍යුත් සන්නිවේද පද්ධතියක් ලෙස රූපවාහිනී තාක්‍ෂණය ක‍්‍රියාත්මක වන ආකාරය විග‍්‍රහ කිරීම
⋆ වාර්තිත කලාවක් ලෙස රූපවාහිනිය ඡුායාරූපය හා චිත‍්‍රපටය සම`ග සස`දා බැලීම
⋆ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ක‍්‍රම අධ්‍යයනය කිරීම
⋆ කලා මාධ්‍යයක් ලෙස රූපවාහිනිය භාවිතයට ගන්නා ආකාරය පරීක්‍ෂා කිරීම
⋆ නැරඹීම, සංජානනය, ප‍්‍රතිචාරය යන කරුණු යටතේ පේ‍්‍රක්‍ෂකයා කෙරෙහි රූපවාහිනිය බලපාන ආකාරය විමසා බැලීම
යනාදී කාරණාවන්ය. වෙළ`ද ප‍්‍රචාරක ශිල්පය මගින් මෙම විනෝදායක මාර්ග පාරිභෝගික පාලනයට යටත් කරන ලද අතර එනම් දියුණු ප‍්‍රචාරක විධික‍්‍රම මගින් පාරිභෝගිකයන්ට ලබාගත යුතු විනෝදායන මාර්ග මේවායැයි ඒත්තු ගන්වන්නට වූයේ ඔවුන්ගේ මනස කුරුටු ගාමින්ය. රූපවාහිනී මාධ්‍ය මේ ස`දහා ඉතා ප‍්‍රබල ලෙස වර්තමානයේ යොදාගනු ලැබේ. මේ මගින් විටක බටහිරවාදයේ සංස්කෘතිකය, පරාවර්තනය ලෙස දැකගැනීමට හැකිය. පේ‍්‍රක්‍ෂකයාගේ පෞරාණික පත සාහිත්‍ය ඔස්සේ පැමිණෙන කතා කලාව අධ්‍යාපන ශෛලිය සහ ජනප‍්‍රිය සංස්කෘතිය අතර සමීප සම්බන්ධතාවක් පවතී. ප‍්‍රාථමික මිනිස් සමාජයේ දී ඔවුන්ගේ කලා මාධ්‍යයන් ලෙස ප‍්‍රකටව තිබූ ගීතය, නර්ථනය, රංගනය වැනි ජනප‍්‍රිය අංග ආදිපත්‍ය මාධ්‍ය මගින් නැවත නිෂ්පාදනය කර බෙදා හරිනු ලැබේ. රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍යමය, බහුජන සංස්කෘතිය බිහිවන්නේ බහුජන සංස්කෘතියේ සුපිරි ස්ථරයන් මතිනි. රූපවාහිනියේ ප‍්‍රචාරය වන වර්තමානයේ ජනප‍්‍රිය මාධ්‍ය මගින් ජන සංස්කෘතියේ ආවේණික ලක්‍ෂණ සහිත වැඩසටහන් අන්තර්ගත වැඩසටහන් සකසනු ලැබේ. ජනප‍්‍රිය සංස්කෘතිය ප‍්‍රචාරය කරනු ලබන වැඩසටහන් යැයි විවිධ අදහස් මතුවන්නේ මෙම පදනමට අදාළවයි. විශේෂයෙන් ම රූපවාහිනී මාධ්‍යයේ ජනප‍්‍රිය භාවිතය නිසා මේ වනතෙක් සාම්ප‍්‍රදායික සමාජය තුළ පැවති සමාජානුයෝජන ක‍්‍රම සංස්කෘතිය ප‍්‍රතිමානයක් පු`ඵල් පරිවර්තනයක භාවිතය වේ. රූපවාහිනී මාධ්‍යය තුළ සුලබ ලෙස දර්ශනය වන ජනප‍්‍රිය සංස්කෘතික වටිනාකම සහිත පඨිකයන් වලින් නරඹන්නා කෙරෙහි ප‍්‍රබල බලපෑමක් ඇති කර තිබේ. ලිංගිකත්වය, ප‍්‍රචණ්ඩත්වය ආදී වූ දේ ද මෙහිදී මාධ්‍යයට එකතු විය. වාණිජ්‍යය පදනමක් මත ක‍්‍රියාත්මක වන රූපවාහිනී සේවය වෙළ`ද ප‍්‍රචාරකයින් ආකර්ෂණය කර ගැනීමට තරම් පේ‍්‍රක්‍ෂක පිරිසක් ඇද ගැනීමට නොහැකි වන වැඩසටහන් නිතරම වෙනස් කිරීමට සිදුවිය. එම ක‍්‍රියාවලියේ දී නිෂ්පාදකයන් මෙන්ම සැලසුම්කරුවන් ද මහන්සි ගත්තේ නිර්මාණශීලීත්වය මගින් වැඩසටහන් අරමුණු සාක්‍ෂාත් කරගන්නා බවට සහතික වීමයි. මේ වැඩසටහන් භාවිතා වැඩසටහන් විකාශය ස`දහා භාවිතා කිරීමේ දී වැඩ සටහන් අධ්‍යක්‍ෂ/කළමණාකරු/ප‍්‍රධානියා සාදක ගණනාවක් සලකා බලයි. රූපවාහිනී වැඩසටහන් කරණය ප‍්‍රමුඛස්ථානයක් යනු ලබන්නා වූ ලක්‍ෂණයන් බොහෝමයකි.
එහිදී
⋆ තර`ගකාරී ආයතනයන්හි ප‍්‍රබලතා හෝ දුබලතා
⋆ පේ‍්‍රක්‍ෂකත්ව ගලනයක් ගොඩනගාගැනීම
⋆ පේ‍්‍රක්‍ෂක පුරුද්දක් ගොඩනගා ගැනීම
⋆ පවත්නා පේ‍්‍රක්‍ෂකත්වය
⋆ පේ‍්‍රක්‍ෂක ලැදියාව
⋆ වෙළ`ද ප‍්‍රචාරණකරුගේ ලැදියාව
⋆ මුල්‍ය ප‍්‍රතිපාදන
⋆ වැඩ සටහන් ලේඛණය සහ පෙරගැසීමේ උපක‍්‍රම
⋆ තිරස් හා සිරස් වැඩසටහන්කරණය
⋆ පේ‍්‍රක්‍ෂක රුචි අරුචිය මත වැඩසටහන් ඉදිරිපත් කිරීම
මාධ්‍ය තුළදී රූපවාහිනිය මාධ්‍යයක් වශයෙන් විද්‍යුත් මාධ්‍යයේ දී වැඩි අධිකාරිත්වයක් හා ආධිපත්‍යයක් සතුව කටයුතු කරන ප‍්‍රබල ම මාධ්‍යය රූපවාහිනිය බව ස්නාථනය.