masscom

Sunday, June 30, 2019

ශ‍්‍රී ලංකාවේ රූපවාහිනිය ආරම්භය හා වර්ධනය

18 වන සියවස අග වනවිට යුරෝපයේ ජර්මනිය, ඉතාලිය, ඇමෙරිකාව, එංගලන්තය යන රටවල ජන මාධ්‍ය පිළිබ`දව සිදුකළ භෞතික විද්‍යාත්මක පරීක්‍ෂණවල ප‍්‍රතිඵලය ලෙස ගුවන්විදුලිය විය.  එවකට සිනමා මාධ්‍යයේ සොයා  ගැනීම මෙන්ම පාදක කරගෙන ලොව ප‍්‍රථමවරට සාර්ථක රූපවාහිනිය 1928 ඇමරිකාවේ ජෝන් ලෝගී බෙයාඞ්ගේ රසායනාගාරයේදී බිහිවිය.  1930 දශකයේ අගභාගය වන විට ක‍්‍රමයෙන් ලෝකයේ රටවල රූපවාහිනිය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ති විය.  නමුත් ශ‍්‍රී ලංකාවට සාර්ථක අන්දමින් ප‍්‍රථමවරට රූපවාහිනී සේවාවක් ලැබෙන්නේ 1979 අපේ‍්‍රල් 13 වැනි දින ස්වාධීන රූපවාහිනී සේවය පිහිටුවීමත් සම`ගය.  1929 ජුනි මස 5 වැනි දින ITN නමින් එය රජයේ හිමිකාරිත්වය යටතේ පවත්වාගෙන යන ව්‍යාපාරයක් බවට පත්විය.  පසුව 1982 පෙබරවාරි 15 වැනි දින 1982 රූපවාහිනී පණත සම්මත වීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාව බිහිවිය.  1930 දශකයේ සිට මෙරට රූපවාහිනිය පිළිබ`ද නොයෙකුත් පෞද්ගලික ගවේෂණ ගණනාවක් හ`දුනාගත හැක.  ඒ අතර රූපවාහිනියේ කාර්මික ශිල්පියා වන ටියුඩර් පෙරේරා විසින් සිය තාක්‍ෂණික උපකරණ ආධාරයෙන් කාන්තාවකගේ රූපයේ ඈතින් පිහිටි තිරයකට සම්පේ‍්‍රෂණය කළ ද එය ඉතාමත් අපැහැදිලි රූපයක් විය.

මෙරට ගුවන්විදුලිය ක‍්‍රමිකව වර්ධනය වීම කෙරෙහි බලපෑ විටින් විට පත්කළ කොමිසම් සභාවල අතුරු යෝජනවාක් ලෙස මෙරට ගුවන්විදුලිය සම`ග රූපවාහිනිය පිහිටුවීමේ අවශ්‍යතාවක් ඇතිවිය.  1969 දී එච්. ඒ. ජේ. හු`ඵගල්ල මහතා ඉන්දියාවේ පිහිටුවන රූපවාහිනියක් යාපනේ වැසියන් ද නැරඹීමට හැකියාව අවස්ථා ලබාදුන්හ.  විශේෂයෙන් ම 1953 දී වීරසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතුව පත්කළ ගුවන්විදුලි කොමිසම මගින් රූපවාහිනිය හ`දුන්වාදීමේ යෝජනාව ඉදිරිපත් විය.  1972 පී. සී. ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් යුතුව පත්කළ ගුවන්විදුලි කොමිසම මගින් ද මෙරටට අවශ්‍ය රූපවාහිනී සේවාවන් පිළිබo  අවදානයට ලක්විය.  මේ අතර ලොව ප‍්‍රථම වරට චන්ද්‍රිකා තාක්‍ෂණය පිළිබ`ද සංකල්පය විද්‍යාත්මකව ඉදිරිපත් කළ ලංකාවේ විසූ ආතර් සී ක්ලාක් මහතා තමන් පෞද්ගලිකව පවත්වාගෙන ගිය රූපවාහිනී සේවාවක් පිළිබ`දව අදහස් ඉදිරිපත් කර තිබේ.  ඒ 1975 අගෝ. සිට 1976 ජූලි මස 31 වන දින දක්වා තම කොළඹ පිහිටි නිවසේ පවත්වාගෙන ගිය රූපවාහිනී සේවයයි.

එසේම 1976 අගෝ. මස මෙරට පැවති නොබැ`දි ජාතීන්ගේ සමු`ඵව අරමුණු කර ගනිමින් සමු`ඵව වාර්තා කිරීමට පැමිණි යුගෝස්ලාවියානු රූපවාහිනී ශිල්පීන් පිරිසක් විසින් සීමිත ආවරණයක් සහිත රූපවාහිනියක් පවත්වාගෙන ගොස් තිබේ.  තවද මෙයට අමතරව ලොව රූපවාහිනිය අත්හදා බලා සාර්ථකව රූපවාහිනි නිෂ්පාදනය කළ රටවල් ගණනාවක් වරින් වර ශ‍්‍රී ලංකාවට රූපවාහිනී නාලිකාවක් ප‍්‍රධානය කිරීමට එවකට පැවති රජයන්ගෙන් අවසර ඉල්ලා තිබෙන අතර එහි පළමු අවස්ථාව වශයෙන් 1959 දී ඇමරිකානු ගුවන් විදුලි සංස්ථාව (RCA) කළ ඉල්ලීම දැක්විය හැකිය.  1960 දශකයේ නව රජයෙන් නැවත එම ඉල්ලීම ඉදිරිපත් විය.  1977 ජේ. ආර්. ජයවර්ධන අගමැති ලෙස බලයට පැමිණීමත් සම`ගම ශාන් වික‍්‍රමසිංහ තෙවන වතාවටත් සිදුකළ යෝජනාව ප‍්‍රතිඵල ගන්වමින් ප‍්‍රථම වරට ITN  රූපවාහිනී සේවය 1979 අපේ‍්‍රල් 13 වන දින ආරම්භ විය.  1978 ජනවාරි වන විට මෙරට යෝජිත රූපවාහිනී මධ්‍යස්ථානයේ සැළසුම හා ආකෘතිය සම්පූර්ණ කර තිබුණ බව ශ‍්‍රී ලංකාවේ රූපවාහිනී ඉතිහාසය පිළිබ`ද කළ පරීක්‍ෂණ තුළදී හෙළිදරව් වී තිබේ.  1979 ජුනි 5 වැනි දින සිට ස්වාධීන රූපවාහිනී සේවය රජයට පවරා ගැනීමත් සම`ගම දිනකට පැය 5 ක කාලයක් දක්වා වැඩසටහන් විසුරුවා හැරීම ආරම්භක අවස්ථාවේදීම සිදු කළේය.

මෙම තත්වය වඩාත් හො`දින් ක‍්‍රියාත්මක කරමින් ජපන් රජයේ ආධාර ඇතිව මෙරට අධ්‍යාපනික රූපවාහිනියක් ලෙස රටේ සංවර්ධනය පු`ඵල් කිරීම ස`දහා 1982 පෙබ. 15 දින නිල වශයෙන් ජාතික රූපවාහිනියේ විකාශය කටයුතු ආරම්භ විය.  විවිධාකාර සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි ආදී වූ ත‍්‍රිත්ව භාෂාවේම නාලිකා ආරම්භය මින් පසුව සිදුවිය.  එහිදී වැඩසටහන් අන්තර්ගතය දෙස බැලීමේදී විශේෂයෙන් ප‍්‍රවෘත්ති විකාශනයට අමතරව ආරම්භයේදීම දිමුතු මුතු, පළි`ගු මැණිකේ යනාදී නාට්‍ය ඔස්සේ ද පසුව දූ දරුවෝ, සූරිය දරුවෝ යනාදී රූපවාහිනී නාට්‍ය විශේෂයෙන් ඇමරිකානු සබන් කර්මාන්ත වල soap opera ආකෘතිය ගෙන පවුලේ කතාන්දර මාලාවක් විකාශනය විය.  පසුව ව්‍යාපාරික අවශ්‍යතා මුල් කොටගෙන ඉන්දියානු මෙගා නාටක මාලා (ශාන්ති, වසුදා, චිත්ති, දාමිණි* සිරස රූපවාහිනී සේවයෙන් විකාශනය විය.  ක‍්‍රමයෙන් 2000 වර්ෂය පසුවත්ම වෙළ`ද දැන්වීම් රූපවාහිනියේ ඉතාමත් වැදගත් ප‍්‍රවණතාවක් විය.  2005 පමණ වන විට සිරස මාධ්‍ය ඇමරිකානු Idle  හා සිංගප්පූරු Idle  රූපවාහිනී වැඩ සටහන් ආකෘතිය මුල් කරගනිමින් සුපර් ස්ටාර් රියැලිටි වැඩ සටහන් මාදිලියක් ලෙස මෙරටට හ`දුන්වා දෙන ලදී.  මෙගා මේත් සම`ගම අනෙකුත් නාලිකාවන්ද ස්ටාර් වැඩ සටහන් ආරම්භ කළේය.  මේ වන විට එයට අමතරව කොරියන් නාටක, ඉන්දියානු ජනප‍්‍රිය නාටක මාලා සිංහලයට පරිවර්තනය කර විකාශය කිරීමේ ප‍්‍රවණතාවක් තිබේ.  ගවේෂණාත්මක ප‍්‍රවෘත්ති වාර්තාකරණයට වඩා ව්‍යාපාරික, විනෝදාත්මක, වාණිජ්‍ය වැඩසටහන් හා වෙළ`ද දැන්වීම් රූපවාහිනී වැඩසටහන් අන්තර්ගතය තුළ කැපී පෙනේ.  මැතිවරණ ආසන්නයේ දී මෙන්ම සුපුරුදු දෛනික ජීවිතය තුළ ද දේශපාලන සංවාද සාකච්ඡුා වැඩසටහන් ගණනාවක් ද ජනප‍්‍රිය ලෙස විකාශනය වෙමින් පවතී.

කෙසේ වුවත් රූපවාහිනී නාලිකා බොහෝ ගණනාවක් ලංකාව තුළ පවතින අතරම රූපවාහිනී නාලිකා 30 ක් සිංහල මාධ්‍යයෙන්ද, දමිළ මාධ්‍යයෙන් නාලිකා 12 ක්ද, ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් නාලිකා 16 ක් ද මේ වනවිට ක‍්‍රියාත්මක වනු ඇත.

ISIS සහ වහප්වාදී සංකල්පය

ISIS කියන්නේ ISÄMIC STATE OF IRAC AND SIRIYA  තේරුම දෙන ලෝක ව්‍යාප්ත සංවිධානයකි ඒ නිල නාමය යි හේ තුළින් ප‍්‍රගුණ වත් කුඩා කණ්ඩායම වශය...